
(යොහාන් භාසුර)
උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අ්ළවි කිරීම, තොග සඟවා තබා ගැනීම සහ විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වෙළෙදුන් 1500 කට ආසන්න සංඛ්‍යාවකට ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පැවසීය.
උත්සව සමයේ වැටලීම්වලදී බිත්තර පිළිබඳව වැඩි අවධායක් යොමු කරන බවත් කුරුණෑගල, හල්මිල්ලවැව සහ කඩිගමුව යන ප්‍රදේශවල බිත්තර ගොවිපොළවල් පරීක්‍ෂා කළ බවත් එම අධිකාරිය කීය.
වෙළෙඳපොල වැටලීම්වලට සමගාවීම විශේෂයෙන්ම බිත්තර ගොවිපලවල් ද වැටලීම් හා විමර්ෂන සඳහා නිලධාරින් යොමු කරන බව කී පාරිභෝගික අධිකාරිය උත්සව සමයේ රාජකාරින් සඳහා විශේෂ කණ්ඩායම් ද යොදවා ඇති අතර නිවාඩු දිනවල ඇතුළුව අවශ්‍ය අවස්ථාවල රාත්‍රී කාලයේද අධිකාරියේ නිලධාරීන් රාජකාරි කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑත කාලයේ මේ රටේ ඇතැම් වෙළෙන්ඳන් තරම් ජනතාව ගසා කෑ අය තවත් සිටිනවා දැයි සිතේ...
මාත් ව්‍යාපාරික පවුලකින් පැවත එන කෙනෙක්. අපේ පියා නිතරම කිව් දෙයක් තමයි " මගේ දරුවන්ට මං කවදාවත් අනුන්ගේ ගින්දර කවන්නේ නැහැ " කියා. අද ඔහු ජීවත්ව නැතත් ඔහුගේ වදන් මතකයේ රැඳී තිබෙනවා. අද එවැනි ව්‍යාපාරික ප්‍රතිපත්ති මිනිසුන් ළඟ ඉතා අල්පයි. බොහෝ ව්‍යාපාරිකයින් කිසිඳු හිතක් පපුවක් නොමැතිව හිතේ හැටියට ජනතාව ගසා කනවා. මීට එක් මෑත උදාහරණයක් තමයි, මේ රටේ බේකරි කරුවන්... රජය ඉන්දියාවෙන් බිත්තර ගෙන්නා ඔවුන් වෙත අඩු මිලට ලබා දුන්නා. ඒත් ඔවුන් ඒ වාසිය ජනතාවට ලබා දුන්නේ නැහැ. ඩොලරයේ මිල ඉහළ ගියවිට කලින් ගෙනා බඩු මුට්ටු බොහෝ වෙළෙන්දන් අධිකමිලට විකුණා අයුතු ලාබ ලැබුවා. මේවා වැළැක්වීමට රජයට හා නිලධාරී පැලැන්තියට හැකියාවක් තිබුණේ නැහැ. මේ රටේ බොහෝ වෙළෙන්දන් රටේ ජනතාවගේ ලේ උරා බොන්නන් යැයි කිවහොත් එය වරදක් නොවේ...
ජනතාවගේ බදුමුදල් සූරාකන අයට කිසි දෙයක් නෑ.