(යොහාන් භාසුර)
නාරම්මල, බිහාල්පොල ප්‍රදේශයේ බිත්තර සඟවා ඇතැයි කියන ස්ථානයක් පරීක්ෂාවට ගිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්ට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් එම අධිකාරියේ සියලුම විමර්ෂණ නිලධාරීන් එළඹෙන සඳුදා (8 වැනිදා) සියලුම ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්ව විරෝධතාව දක්වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සමස්ත ලංකා විමර්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් මහතා අද (5) පැවසීය.
මෙවැනි ප්‍රහාර හේතුවෙන් වැටලීම් නතර කිරීමට කිසිඳු අදහසක් නොමැති බව කී කෝසල රංගනාත් මහතා විමර්ෂණ නිලධාරීන්ට ආරක්‍ෂාව සැපයීමට පොලිසිය සහය දක්වනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ෂණ නිලධාරීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට ජනාධිපවරයා මැදිහත් වියයුතු බවත් බිත්තර මාෆියාවට එරෙහිව අඛණ්ඩව කටයුතු කරන බවත් රංගනාත් මහතා වැඩි දුරටත් කීය.
නාරම්මලදී එම ප්‍රහාරයට ලක්වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ෂණ නිලධාරීහු රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපුරු කතාවක් තමයි කියන්නෙ ඇත්තටම මොවුන් ජනාධිපති මෙතරම් අවතක්සේරුවට ලක්කර තිබීමෙන් මොවුන්ගේ නූගත් බව මනාවට ඔප්පු වෙනවා.එයින් ජනාධිපති අවතක්සේරුවට ලක්කිරීමට අමතරව සියලු අමාත්‍යවරුත් හෑල්ලුවට ලක්වෙනවා.
ආරංචිය අනුව ජරාව ඉල්ලා නොදුන්න නිසා වැටලීමට ගිය බව... ඇත්ත කතාව සොයාගෙන කතාකලයුතු කරුණක්....
මේ පාරිභෝගික අධිකාරියෙන් කෙරෙන සේවයක් තියෙනවද? බොරුවට මාධ්‍ය සංදර්ශන දැමීම පමණයි කරන්නේ. තවමත් බිත්ත්ර විකිණෙන්නේ රුපියල් 55ට හැටට.