(ජයන්ත සමරකෝන්)
සිය වැටුප් විෂමතාවන්ට ස්ථිර විසඳුමන් නොලැබෙන්නේ නම් මේ මස 23 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා අද (18) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
ඒ අනුව රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා,මණ්ඩල ඇතුළු සියලුම දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු අඩපන වන බවද ඒ මහතා කීය.
මෙහිදී සියලුම ආකාරයේ එක්දින සේවාවන්ගෙන් ඉවත් වීම හේතුවෙන් පාස්පෝට් ,හැඳුනුම්පත්,වාහන ලියාපදිංචි කිරීමේ සේවා ක්‍රියාත්මක නොවන බවද කී ලේකම්වරයා මේ වනවිට රාජ්‍ය ආයතන තුළ සිය සමාජිකයන් සීමිත සේවාවන් හි පමණක් නියැලෙන බවද අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඊයේ (17) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කළ අනු කමිටු වාර්තාවට යළිත් වරක් මුදල් අමාත්‍යාංශයේ තීරණයන් ලබා ගැනීම තුළින් කල්දැමීමක් සිදුවන බවද මෙම පදනම් විරහිත ක්‍රියාව පිළිබඳව සිය සංගමයේ බලවත් විරෝධය පළ කරන බවද ඔහු කීවේය.
සිය සංගමය මේ සම්බන්ධයෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට දින දෙකක් ලෙඩ නිවාඩු දමා ඉකුත් 10 සහ 11 දෙදින සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටි බවද ලේකම්වරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පරිපාලන සේවය අහෝසි කර එහි සියලු දෙනාම ඉවත් කරන්න. ඔය මිනිස්සු කිසිම ඵලදායී සේවයක් රටට කරන්නේ නැහැ. ඔය මිනිස්සුන්ට තියෙන්නේ බොරු අහංකාර කමක් විතරයි. පුද්ගලික අංශයේ මෙන් කළමනාකරුවන් ලෙස සුදුසු අය බඳවාගෙන රජයේ ආයතන පාලනය කළ යුතුයි.
ඉහතින් ලියාලා තියෙන්නේ සම්පූර්ණම ඇත්ත. ඔය කාලකන්නි සේවය තියනකල් අපේ රටට අබ සරණයි.