(සුජිත් හේවාජුලිගේ )

රුපියල් ලක්ෂයක අවම දීමනාවක් ලබා නොදුනහොත් වර්ජනයකට යොමුවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

මහා භාණ්ඩාගාරයේ එකතු කරන මුදල්වලින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලෙස මුදල් ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන බව එම සංගමයේ සභාපති මාහේෂ් ලසන්ත ගම්මන්පිල මහතා පැවසීය

මේ සඳහා ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙන අතරදී පිරිසක් ඊට බාධා පැමිණවීමෙන් එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති විය. මේ අවස්ථාවේදී ඊට බාධා කළ සිවු  දෙනෙක් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.