IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පරිපූරකය වියදම් කරන්නේ මෙහෙමයි

(අංජුල මහික වීරරත්න)

වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත්‍ර ගැන රජය කරුණු දක්වා ඇත.

එම ක්ෂේත්‍ර මෙසේය.

(i) ශ්‍රී ලංකා රජයේ ශේෂ පත්‍රයට මාරු කරන ලද ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය හේතුවෙන් බැංකු වෙත ලබා දීමට නියමිත පොලී සහනාධාර ගෙවීම පිණිස රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 130,000ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(ii) ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ නමින් ඇති ඩොලර් ගිණුම් වල පවතින ශේෂය මත ඇති වී ඇති විනිමය අලාභය ගිණුම් ගක කිරීම පිණිස භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 18,000ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(iii) ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂිත පොලී අනුපාතික ලබා දීමේදී බැංකු විසින් දරන ලද අමතර පොලී ගෙවීම් ප්‍රතිපූරණය කිරීම පිණිස සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 32,641ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(iv) චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දුන් පාසල් නිල ඇඳුම් රෙදිවල වටිනාකම ගිණුම්ගත කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 9,829 ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(v) ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලැබී ඇති ගුවන් යානා 2ක වටිනාකම ගිණුම්ගත කිරීම සහ බදු ගෙවීම පිණිස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත රුපියල් මිලියන 8,331 ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(vi) වැඩි කරන ලද විශ්‍රාමික දීමනා ගෙවීම පිණිස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,400 ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(vii) ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව මුල්හ නීති උපදේශකයින් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද ගෙවීම් ප්‍රතිපූරණය කිරීම පිණිස මුදල් අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 3,213ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(viii) චීන රජයේ ප්‍රදානයක් ලෙස උතුරු හා නැගෙනහිර පළාත් වල කුඩා පරිමාණ ධීවරයින් සඳහා සහන සැලසීමට ලැබී ඇති හදිසි ආධාර ගිණුම්ගත කිරීම පිණිස ධීවර අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,533ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(ix) ජපන් රජයේ ප්‍රදානයක් ලෙස සෞඛ්‍ය අංශයේ අවශ්‍යතා සඳහා ලැබී ඇති ඉන්ධන තොගවල වටිනාකම ගිණුම්ගත කිරීම හා රුපියල් මිලියන 5,225.5 ක තීරු බදු ගෙවීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුසියල් මිලියන 10,826 ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(x) පාසල් පෝෂණ වැඩසටහන සඳහා එක් ශිෂ්‍යයෙකු වෙනුවෙන් දෛනිකව දැරිය යුතු මුදල රුපියල් 85/- සිට රුපියල් 110/- දක්වා වැඩි කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,800ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(xi) ස්වභාවික ආපදා හේතුවෙන් හානියට පත් වූ දේපළ ප්‍රතිසංස්කරණය සඳහා වන්දි ගෙවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 400ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(xii) බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර වල රැඳවියන් වැඩිවීම සහ ආහාර මිල ඉහළ යාම හේතුවෙන් ආහාර පාන සඳහා දැරිය යුතු පිරිවැය ඉහළ යාම නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,400ක ප්‍රතිපාදන සලසා ගැනීම.



අදහස් (0)

පරිපූරකය වියදම් කරන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site