
(නිමල කොඩිතුවක්කු)
උසස්වීම්, බඳවා ගැනීම් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය හෙට(5)උදෑසන 8.00 සිට එක්දින වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණයකර තිබේ.
පරිපූරක වෛද්‍ය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටළු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සාධනීය මැදිහත්මක් නොවීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළැබෙන බව එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතාපැවසීය.-
රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, වෘත්තීය චිකිත්සක ඇතුලු වෘත්තීය සංගම් පහක නියෝජිතයින් මේ සඳහා එක්වන බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව රසායනාගාර සේවා, ඖෂධ නිකුත් කිරීම, සායන කටයුතු ඇතුලු සියලු සේවා සඳහා එමගින් බලපෑම් එල්ල විය හැකි බවත් ධර්මවික්‍රම මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද රජය කිව්වොත් වර්ජනය කරන අයගේ උපාධි සහතිකය අවලංගු කරනවා කියලා. මොකද රටේ ජනතාවගේ බදු මුදල්වලින් ඉගෙන ගත්ත අය ජනතාවට ණයයි. ඒ අයට අයිතියක් නෑ ජනතාව පීඩා කරන්න.