
(සුජිත් හේවාජුලිගේ)
මෙරට තීරණාත්මක පළාත් පාලන ආයතනයක් ලෙස සැලකෙන කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ සිය උපරිම ශක්තිය පාවිච්චි කිරීම හේතුවෙන් එම සටන දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තාවේ.
දේශපාලන පක්ෂ සභිකයන් දිනා ගැනීමට රහස් සාකච්ඡාද මේ දිනවල දිගින් දිගටම පවත්වමින් සිටී.
එසේම බලය පිහිටුවීම සඳහා විරුද්ධ පක්ෂයන්හි සභිකයන් දිනා ගැනීමට විවිධ වරප්‍රසාද වරදාන පිළිබඳ පොරොන්දු ලබාදීමටද බොහෝ පාර්ශ්ව කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.
කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.
පවතින වාතාවරණය යටතේ මෙම ඡන්දය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
ඡන්ද විමසීම පවත්වනු ලබන්නේ පළාත් පාලන කොමසාරිස්වරයා විසිනි.
පුරපති ධූරය සහ නියෝජ්‍ය පුරපති ධූරයට සුදුස්සන් මෙසේ ඡන්දයකින් තෝරා ගැනීමට සිදුව ඇත්තේ කිසිම තනි පක්‍ෂයක් සියයකට පනහකට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නැති හෙයිනි.
මේ අනුව පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන ඡන්ද විමසීමේදී සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයාට නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතී.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 48කි.
සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් එම සභාවට සභිකයෝ 69 දෙනෙක් තේරී පත් වූහ.
මේ අනුව කොළඹ නගර සභාවට වැඩි සභිකයන් සංඛ්‍යාවක් සිටින්නේ විපක්ෂය පැත්තේය.
කොළඹ මහ නගර සභාවේ පාලන බලය සම්බන්ධයෙන් අදහස් දක්වන සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කරන්නේ සභිකයන් බහුතරය ඇති හෙයින් පාලන බලය ලබා ගැනීමට අයිතිය ඇත්තේ විපක්ෂයට බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරපති සටනෙන් කොළඹ ගැටලුවට වඩා ආණ්ඩුව මූලිකත්වය ලබාදිය යුත්තේ ඇමෙරිකානු තීරුබදු සහ GSP ගැටළුව විසඳා ගැනීමට...
ආණ්ඩුව තමන් ගැන අධිතක්සේරුවක සිටිමින් පළාත් පාලන ඡන්දය පැවැත්වූවා.. සිදුවුනේ වෙන දෙයක්, කවුරු මොන මොන තියරි හැදුවත් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ තිබූ ප්‍රසාදය සහ විශ්වාසය පළුදු වී ඇත, දැන් ආණ්ඩුව එය විනාශ කර ගනිමින් සිටිති.
දැන් මේවා නිසා රටේම වැඩ ඇණ හිටිනවාද? 2/3න් වැඩක් නැද්ද?
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක්? රට බන්කොලොත් වෙලා කඩා වැටෙනකම් බලාගෙන හිටපු... දූශිතයෝ සෙට්එක එකට එකතු වෙලා බලය අල්ලන්න හදනවා...!
කම්බ හොරුත් එක්ක මාලිමාවට ගේමක් නැහැ. බලන්නකෝ මොකද වෙන්නේ කියලා...
එහෙනම් හොඳටම ලංසුව නැගලා ඇති...
සාමාන්‍යයෙන් ලෝකයේ අනෙක් රටවල ඡන්දයෙන් බහුතරයක් ලබාගත් පක්ෂය සමග සන්ධාන ගතවෙලා බලය පිහිටුවනවා හැර, පරාජිත පාර්ශවය සන්ධානගත වෙලා බලය පිහිටුවීමක් ගැන අහලා තියනවාද..? මේක නම්, අමන, අධම, අශිෂ්ඨ දුර්ජනයින්ගෙන් පිරුණු දේශයක්... මොවුන්ගේ එකම පරමාර්ථය හොරකම් කිරීම මිස, වෙන කිසිවක් නොවෙයි. දේශපාලන සදාචාරය ගැන මේ අසික්කිතයින් අහලාවත් නැද්ද..? මම නම් කියන්නේ වනයේ ජීවත් වෙන තිරිසන් සිව්පාවනුත්, මොවුන්ට වඩා, සීලාචාර, සදාචාර සම්පන්නයි කියලයි...
හැකි ඉක්මණට ජෙප්පන්ගෙන් රට බේරා ගනිමු.
පළවෙනියා ඉන්න කොට අන්තිමයෝ ටික එකතුවෙලා... පට්ට ජෝක් එකක් වෙන්න යන්නේ...
රහස් ඡන්ද පත්‍රිකාවක් මගින් ඡන්දය පැවැත්විය යුතුයි.
කොළඹ නගර සභාව කියන්නේ ධන උල්පතක්, ඉතින් ඒ උල්පත ඩැහැ ගන්න එදා චන්ද්‍රිකා, මහින්ද, ගෝඨාභයටත් බැරි වුණා. ඉතින් රනිල්-සජිත් ඕකට පොර කන්නේ එකයි. මතකයිනේ රෝසි ජර්මනියේ අධි සුඛෝපභෝගී පොෂ් පැද්ද කතාව...!
දැන් මේ තර්කය හරි නම්, බැරි වෙලාවත් ආසන 48ක් ලැබුනේ සජබෙට නම්, මාලිමාවට අනෙක් පක්ෂ එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදන්න අයිතිය ලැබෙනවාද?
අපිට සදාකල් මිතුරොත් නැහැ. සදාකල් හතුරොත් නෑ. කිසිම ප්‍රතිපත්තියකුත් නෑ.
ආණ්ඩුවට විටමින් B ලබා දි යුතුය. කිසිම පියවරක් ගැනීමට හෝ තීරණයක් ගැනීමට කම්මැලි වෙලා