IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(යොහාන් භාසුර)
ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා කුළුණුවල මේ මොහොත වන විට සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය හුණුපිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් කර හැරීම ප්‍රමාද වී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් නිර්මාණය වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම තත්ත්වය හේතුවෙන් හුණුපිටිය දුම්රිය ස්ථානයේ සිට දුම්රිය කිහිපයක් එක පෙළට නැවතී ඇති බව කී නිලධාරියා සංඥා දෝෂය දුම්රියෙන් දුම්රියට ඉවත් කරමින් දුම්රිය පිටත් කර හැරීමට සිදුව ඇති බවද සඳහන් කළේය.

එම තාක්ෂණික දෝෂය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට දුම්රිය තාක්ෂණික නිලධාරීන් කටයුතු කරමින් සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.  



අදහස් (1)

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Nimal Friday, 15 March 2024 09:49 AM

ඊයේ පීලි පැනීමක්... අද සංඥා දෝෂ... හෙට? මේ කාර්යයන් සියල්ලම නිවැරැදිව කරන්නේ කවදාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site