(යොහාන් භාසුර)
ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා කුළුණුවල මේ මොහොත වන විට සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය හුණුපිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් කර හැරීම ප්‍රමාද වී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් නිර්මාණය වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම තත්ත්වය හේතුවෙන් හුණුපිටිය දුම්රිය ස්ථානයේ සිට දුම්රිය කිහිපයක් එක පෙළට නැවතී ඇති බව කී නිලධාරියා සංඥා දෝෂය දුම්රියෙන් දුම්රියට ඉවත් කරමින් දුම්රිය පිටත් කර හැරීමට සිදුව ඇති බවද සඳහන් කළේය.
එම තාක්ෂණික දෝෂය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට දුම්රිය තාක්ෂණික නිලධාරීන් කටයුතු කරමින් සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ පීලි පැනීමක්... අද සංඥා දෝෂ... හෙට? මේ කාර්යයන් සියල්ලම නිවැරැදිව කරන්නේ කවදාද?