(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

නැගෙනහිර, ඌව, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.