(යොහාන් භාසුර)

මෙරට ප්‍රදේශ කීපයක වායු ගුණාත්මක දර්ශකය පහළ යමින් තිබෙන බව මාධ්‍ය පරිසර අධිකාරියේ උසස් නිලධාරිකේ පැවසීය.

කොළඹ, ගාල්ල සහ යාපනය යන ප්‍රධාන නගරවල සහ මන්නාරම ප්‍රදේශයේ ද වායු ගුණාත්මක දර්ශකය අගය පහළ යමින් තිබෙන බව ද එම නිලධාරියා කීය.

මෙම තත්ව හේතුවෙන් විශේෂයෙන් එම ප්‍රදේශවල ජීවත්වන පෙනහළු ආශ්‍රීත රෝගවලින් පසුවන පුද්ගලයන් පරිසරයට නිරාවරණය වන අවස්ථාවලදී මුව ආවරණ පැළදීම වඩාත් යෝග්‍ය බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.