(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක ප්‍රදේශයේ පාසලක පැවැති ප්‍රදර්ශනයක් සදහා ඉදිරිපත් කර තිබූ කුඩා මෝටර් රථයකට සමාන නිර්මාණයක් ධාවනය කිරීමට යාමේදී එය අනතුරට ලක් වීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු පාදුක්ක පුාදේශීය රෝහලට ඇතුලත් කල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
රෝහල් ගත කල සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු එම අවස්ථාවේදී ම ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් අනෙක් සිසුවා සුළු ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් පසු නේවාසිකව රෝහලේ ම ප්‍රතිකාර ලබන බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.
පාසලේ පැවැති තාක්ෂණික ප්‍රදර්ශනයක් සදහා ත්‍රී රෝද රථයක ඇන්ජිමක් උපයෝගී කර ගනිමින් නිර්මාණය කල කුඩා රථයක් සිසුන් විසින් ධාවනය කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd