(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයෙක් වන කුරකුලසූරිය මහතා ඇමෙරිකාවේ යේල් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇත.
එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලට සම්බන්ධවීමට ප්‍රථම ආචාර්ය කුරුකුලසූරිය මහතා පාරිසරික මූල්‍ය සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ විධායක සම්බන්ධීකාරක තනතුර දරා තිබූ අතර ඔහු රටවල් 140 ක් පුරාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක ස්වභාවික,දේශගුණික සහ බලශක්ති මූල්‍ය එකතුවක් අධීක්ෂණය කර තිබිණි.එසේම ඔහු දේශගුණික මූල්‍ය සමඟ සම්බන්ධ පුද්ගලික අරමුදල්, සංවර්ධනය වෙමින් පවතින බැංකු සහ පුද්ගලික අංශය සමගද සම්බන්ධිකරණ කටයුතු සිදු කළේය.
ඔහු 2006 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලට සම්බන්ධ වී ඇති අතර ඊට පෙර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන සමඟද ලෝක බැංකුව සමඟ කටයුතු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd