(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
කල් ඉකුත්වීමට ආසන්නව තිබූ ඖෂධ වර්ග 12 ක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලට වෛද්‍ය සැපයීම් අංශයෙන් ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම ඖෂධ පේරාදෙණිය රෝහලට ලබාදී ඇත්තේ කිසිදු ඉල්ලීමකින් තොරවවීම විශේෂත්වයක් බවද එම වාර්තාවේ දැක්වේ.
පේරාදෙණිය රෝහලට පසුගිය 2022 දෙසැම්බර් 24 දින දී ඇති මෙම ඖෂධ 12 මේ වසරේ අප්‍රේල් හා මැයි මාසවලදී කල් ඉකුත්වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එම ඖෂධවලින් බොහොමයක් එම රෝහල භාවිතයට නොගත් හෙයින් ඒවා මෙසේ කල් ඉකුත්වී ගිය බව වාර්තාව සඳහන් කරයි.
මතභේදයට තුඩුදෙන ගනුදෙනු යටතේ ජාතික විගණන කාර්යාලය මේ පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇත.
පේරාදෙණිය රෝහලේදී ඖෂධ ගැනීමෙන් පසුව සිදු වූ මරණ 5 ක් පමණ පසුගිය කාලයේදී වාර්තාවිය.
මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලට 2021 වර්ෂයේදී හදිසි මිලදී ගැනීම් යටතේ ඇස්තමේන්තු මිල ඉක්මවා රුපියල් කෝටියකට ආසන්න වටිනා ඖෂධ වර්ග නවයක් මිලදී ගෙන ඇති බවත් හදිසි මිලදී ගැනීම් යටතේ එම ඖෂධ මිලදී ගැනීම හේතුවෙන් රුපියල් ලක්ෂ පනස් දෙකකට වැඩි මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවී ඇති බවත් වාර්තාවේ සඳහන් වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක එතරම් දෙයක්ද? නරක් වෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න පිරිසකට මුළු රටම බාර දීලා තියෙන රටක?