ෂේන් සෙනෙවිරත්න

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති දෙපාර්තමේන්තුවේ අධ්‍යාපනය හදාරන සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රාස්ත්‍ර පීඨයේ සිසුන් තිදෙනකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පියවර ගත්තේය.

ඉකුත් 14 වන දින එසේ පහර දී තිබුණේ එම පීඨයේ නවක වදයට එරෙහි සිසුන් පිරිසකට එම පහර දීමෙන් ශිෂ්‍යාවන් දෙදෙනකු සහ ශිෂ්‍යයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි .

මෙම පහරදීමේ සිද්ධියෙන් පසු සහස්ත්‍ර පීඨයේ සියලු සිසුන් සඳහා දේශන මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට එම පීඨ පාලන අධිකාරිය තීරණය කොට තිබේ.

ශ්‍රී විද්‍යාල පාලන අධිකාරියේ එම තීරණයට එරෙහිව සිසුන් පිරිසක් පීඨය තුල රැඳී සිටින බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසයි.