(චමිල් රූපසිංහ,ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය නගරයේ සිදු වූ නාය යාමෙන් අතුරුදහන් වූ 68 හැවිරිදි පුද්ගලයාගේ මළසිරුර හමුවූ බව පොලිසිය  කියයි.

අධික වර්ෂාවත් සමග ඊයේ මධ්‍යම රාත්‍රී 10.30ට පමණ මෙම නාය යාම සිදු විය. මෙම අනතුරින් මියගොස් ඇත්තේ අනුර ජයවීර නමැති අයෙකි.

නාය යාමෙන් විනාශ වූ කඩයක් අසල නිදා සිටියදී ඔහු පස් කණ්ඩියට යටවී ඇත.

සිද්ධියත් සමග  මහනුවර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහ පොලිසිය එක්ව ඔහු බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර අතර පසුව අලුයම 3.30ට පමණ පස්කණ්ඩියට යටවීමෙන් මියගොස් සිටි ඔහුගේ සිරුර සොයාගැනීමට හැකි විය. 

----------------------------------------------

(චමිල් රූපසිංහ)

පේරාදෙණිය නගරයේ වෙළෙඳසල් කීපයක් මතට පස් කන්දක් නාය නායෑමකින් පුද්ගලයකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.

පෙරදින මධ්‍යම  රාත්‍රී සිදුවූ මෙම නායෑම නිසා  වෙළෙඳහලක සිටි පුද්ගලයකු එසේ යටවී අතුරුදහන්ව ඇතැයි ද පොලීසිය සහ අපදා කළමණාකරණ අංශ එක්ව  සිරුර සෙවීමේ කටයුතු සිදු කරයි.