(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින්  විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචිව සිටි ශිෂ්‍යයකු ඉකුත් 16 වැනිදා සිට අතුරුදන්ව ඇතැයි මව්පියන්  පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර ඇත.

අදාල ශිෂ්‍යයාගේ ජංගම දුරකථනයෙන් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ඒ පිළිබඳව එම ශිෂ්‍යා  නවාතැන්ගෙන සිටි නවාතැනේ හිමිකරුවන්ගෙන් කළ විමසීම්වලින් අනතුරුව  එම ශිෂ්‍යයා සිටි කාමරය පරීක්ෂා කිරීමේ දී ඔහු විසින් ලියන ලද ලිපියක් ද පොලීසියට භාර දී තිබේ .

යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සිසුවා පිළිබඳව 16 වැනි දා සිට කිසිදු තොරතුරක් නොමැති බව ඔහු සමග සිටි සමකාලීන සිසුන් ද පවසා තිබේ .