(ෂේන් සෙනෙවිරත්න)
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සියලු සිසුන් සඳහා මසකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කොට තිබේ .
මෙරට විශ්ව විද්‍යාලයක ප්‍රථම වරට ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල යටතේ එක් සිසුවකු සේවය කරන පැයක කාලයක් සඳහා රුපියල් 350 ක ගෙවීමක් කිරීමට ද නියමිතය .
සරසවිය තුළ අනධ්‍යයන සේවා සැපයුම සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දැනුම හුවමාරුව සඳහා සිසුන්ට මෙම අර්ථ කාලීන රැකියා පත්වීම ලබා දීමට නියමිත බව උපකුලපති එම්. ඩී. ළමා වංශ මහතා පැවසීය .
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ගැන ක්‍රියා කොට තිබේ .
මෙම නව වැඩපිළිවෙළ පිළිබඳ සිසුන්ගෙ විශාල උනන්දුවක් තිබෙන බවත් මේ වන විටත් ඒ සඳහා සිසුන් 170 දෙනකු පමණ ඉල්ලුම් කර තිබෙන අතර ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඔක්තෝබර් මස 01 වැනි දින සිදු සිදුකිරීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස නම් හොඳයි. විදෙස් රටවල නම් මේ දේවල් බොහෝ කාලයක සිට ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ රාජ්‍ය සේවකයින් ඕනෑවටත් වැඩියි කියලයි කියන්නේ...
ඉතාම හොඳ දෙයක්... ඇත්තෙන්ම සමහර මහාචාර්යවරුන්ට වඩා හොඳින් සහායක උපදේශකවරු ළමුන්ට උගන්වනවා. ඒ වගේම අධ්‍යාපනයේ පසුබෑම් ඇති සිසුන්ට මෙය හමත් අත්වැලක්... අන්න එහෙම ටික ටික දියුණුව කරා පියනගමු.
මසකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබාදී රු 5000 හේ පින් දීමනාව කපා හරින්න.