
(සිතුම් චතුරංග)
ශ්‍රී ලංකාවේ ඉදිකළ ප්‍රථම සුළංවිදුලි බලාගාරය වන ‘තම්බපවනි‘ බලාගාරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(08) මන්නාරම නඩුකුඩා හීදි සිදුකෙරිණ.
මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ඉදිකොට ඇති මෙම පළමු සුළං විදුලි බලාගාරය ඇමරිකානු ඩොලර් මිලියන 135 වියදමකින් ඉදිකොට තිබේ.
සුළං කුළුණු 30ක් සමන්විත මෙම බලාගාරයේ ප්‍රථම අධියර යටතේ සුළං කුළුණු දයහක් ක්‍රියාත්මක කරවීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
විදුලිබල අමාත්‍යංශයේ සුර්ය බල හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට තිබේ.
ඉදිරි වසර දහය ඇතුළත මෙරට ඉහළ යන විදුලි බල අවශ්‍යතාව සපුරාදීම වෙනුවෙන් ඉදිකොට ඇති මෙම සුළං විදුලි බලාගාරයෙන් මෙගාවොට් 800 විදුලියක් උත්පාදනය කොට ජාතික විදුලි බල පද්දතියට ලබාදීමට නියමිතය.
එහි පළමු පියවර යටතේ මෙම බලාගාරය යටතේ මෙගාවොට් 110 ක අධික ධාරිතාවක් ඊයේ දිනයේ සිට ජාතික විදුලිබල පද්දතියට එක්කිරීමට නියමිත අතර මේ තුලින් එක් විදුලි ඒකකයක් නිපදවීම සඳහා රුපියල් දහයකටත් අඩු මුදලක් වැයවන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම , ඩග්ලස් දේවානන්දා , රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන් , කේ. තිලීපන් යන මහත්වරුන් ඇතුළු විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් ඇතුළු විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරීන් , දේශපාලන ක්‍රියාකාරීන් , ප්‍රදේශවාසීන් පිරිසක් වැඩසටහන් අවස්ථාව සඳහා එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලංකාවෙ පළමු සුළං බලාගාරය නම් පුත්තලමේ තියෙන්නේ නිකම් රූං පෙති ද? නැත්නම් පුත්තලම ලංකාවේ නොවේ ද?
මෙය 2019 මාර්තුවල පසුගිය පටන් ගත්ත ව්‍යාපෘතියද? කවුරු කළත් අගනා දෙයක්... අනුන් කළදේට ලකුණු දමා ගැනීම නම් හොඳ නැහැ.
ඇත්ත කතාව... ඔය ව්‍යාපෘතියේ 30%ක් වත්ඉවර වෙලා නැතිව තමයි කඩිමුඩියේ ඕක විවෘත කරන්නේ. මොකද මිනිස්සුන්ට මොනවා හරි කරනවා කියලා පෙන්නන්නත් ඕනෑනේ. අයියෝ සල්ලි..!!!
සියලු උත්සව නවත්වන්න.
ආනාගේ අදහස ඉතාම නිවැරදියි. කතරගම යනවිටත් බලංගොඩ පෙදෙසේත් මෙවැනිම ඒවා 69 ට මෙන්ම ළිංමැඩියන් වගේ අයට නොපෙනුණත් අපි නම් දැකලා තියෙනවා. ඇත්තටම ගල්අඟුරු බලාගාරයක් නොහදා මෙය ආරම්භ කලේ කවුද කියනවද?