(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානය ප්රතිසංස්කරණයෙන් පසු ලබන 21 වැනිදා යළි විවෘත කරන බව ඇන්තනී ජයකොඩි කොළඹ සහයක රදගුරුතුමෝ අද (17) පැවසූහ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූවන් වෙනුවෙන් එදින විශේෂ දේව මෙහෙයන් සිදුකරන බවත් රදගුරුතුමෝ සඳහන් කළහ.
බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී රදගුරුතුමෝ මේ බව පැවසූහ.
දේවස්ථානය යළි විවෘත කිරීමෙන් පසු ජනතාවට සහන සේවා ව්‍යාපෘති එදින සිට ආරම්භ කරන බවත් රදගුරුතුමෝ වැඩිදුරටත් සඳහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු රදගුරුතුමනි, ඔය විවෘත කිරීමට සියලුම ආගමික නායකයින්ට ආරාධනා කරන්න. නමුත් කිසිම දේශපාලකයෙකුට ආරාධනා කරන්න නම් එපා. උන් තමයි අපේ පල්ලියේ විනාශය පිටුපස හිටියේ... වැරදිලාවත් දේශපාලකයෙක් පල්ලියට ආවොත් අනිවාර්යයෙන්ම ගහනවා. ගහ ගහා එලවනවා. දේශපාලකයන්ට මීගමුවට ඇතුළුවීම තහනම් රදගුරුතුමනි...
ආගමික නායකයන් හැර මෙදිනට කිසිම දේශපාලකයෙකුකට ඇරයුම් නොකරනවා නම් මැනවි...! එහෙම සිදුවුවහොත් මළවුන්ගේ ශාපය ඔබ සියලුම දෙනාටම අත්විඳීමට සිදුවේවි...!!!
ඉහත ඇති අදහස් අගෙයි. මුළු කටුවපිටියෙම ජනතාව ස්වාමිට කියන්න ඕනෑ දේශපාලකයින් මේ විවෘත කිරීමට ගෙන්නන්න එපා කියලා...
මේවටත් ඩිස්ලයික් දමන දේවස්ථානයේ බෝම්බ පිපිරීම අනුමත කරන මිනීමරුවන් ඉන්නවනේ...
කටුවපිටිය පල්ලියේ පිය තුමනි, මේ ඔබතුමා දැනුවත් කිරීමයි. 21 දාට දේශපාලකයින්ට අපේ පල්ලියේ උත්සවයට පැමිණීමෙන් වලකින්න කියා ඔවුන්ට දන්වන්න. අනිවාර්යෙන්ම එදාට දේශපාලකයින් පැමිණියහොත් ප්‍රශ්න වැලක් ඇතිවේවි.