(අංජුල මහික වීරරත්න)
රටේ උද්ධමනය සියයට 50.3% සිට 35.3% තෙක් අඩු වී තිබෙන නමුත් ආණ්ඩුව දෙන සහන ඒ විදියටම ජනතාව අතරට නොයන්නේ වෙළෙඳ මාෆියාව නිසා බවද නවීන් දිසානායක මහතා කීය.
"ආහාර උද්ධමනය සියයට 43 සිට 32% දක්වා අඩුවෙලා තිබෙනවා. ජනතාව අපෙන් අහන්නට පුළුවන් ,මේ ලැබෙන ප්‍රතිලාභ නිසි විදිහට ජනතාවට ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා.
පාරිභෝගික සේවා අධිකාරියේ සෑහෙන දුර්වලතාවයක් අපට පෙනෙන්නට තිබෙනවා. පක්ෂයක් විදිහට අපි පාරිභෝගික සේවා අධිකාරිය මීට වඩා මෙහෙයක් මේ මොහොතේ සිදු කළ යුතු යැයි අපේක්ෂා කරනවා.
පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් වල ප්‍රමාණය ඉහළ දැමීම සහ වැටලීම් සිදුකරන ආකාරය සම්බන්ධව එතරම් පැහැදීමක් අපට වගේම රටේ ජනතාවට නැහැ යනුවෙන් ද දිසානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බොහෝ අධිකාරිවලින් ජනතාවට සිදුවන කිසිඳු සෙතක් නොමැත...
එක්සත් ජාතික පක්ෂ අධිකාරිය වගේමයි. නායකත්වයට තරගයක් නැහැ. අභියෝගයක් නැහැ. වෙනසකට ඉඩක් නැහැ. තරගයක් නැහැ....
පාන් පිටි හා සීනි මිල ඉහළ යනවා කියා ප්‍රවෘත්ති පළ වෙනවා. ගනන් යනවාත් සමගම,කළුකඩ කාරයන් පාන්පිටි හා සීනි වැඩි මිලට විකුණා දමාවි.පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගිය සෑම විටම සිදුවුණේ හා ඉදිරියේදී සිදුවන්නේත් එයයි.ඒවා නිසිලෙස සොයා බැලීමට මේ රටේ පාරිභෝගික අධිකාරිය සතුව කිසිදු නුවණක් හා නිපුණත්වයක් පාරිභෝගික අධිකාරිය සතුව නැහැ.මේ අධිකාරිය තිබුණත් කළු කඩ කාරයන් අයුතු ලෙස ලාභ ලබනවා. ඒකෙන් කියැවෙන්නේ පාරිභෝගික අධිකාරිය කියා දෙයක් මේ නමට පමණක් බවයි.අපේ රටේ ඉන්නා පාරිභෝගික ජනතාව හරිම අවාසනාවන්ත මිනිසුන් කොටසක්.
එතකොට පාරිබෝගික ජනතාවට දැනෙන්නේ නැති උත්දමනයේ අඩුවීමක් මේගොල්ලෝ කොහොමද ගණන් හදල තියෙන්නේ ?
මෙච්චරකල් උද්ධමනය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව පාර්ලිමේන්තුවේ කිටියේ කොහොමද ?
ඔය කියන එක්කෙනා අමු බේබද්දා. පිය පුතු දේශපාලන උරුමය පට්ට අසාර්ථකයි , රටට එයින් අගතියක් වෙනවා කියන්න හොදම උදාහරණයක් .