IMG-LOGO

ප්‍රතිලාභ නොලැබීම පාරිභෝගිකයේ වැරැද්දක්

(අංජුල මහික වීරරත්න)

රටේ උද්ධමනය සියයට 50.3% සිට 35.3% තෙක් අඩු වී තිබෙන නමුත් ආණ්ඩුව දෙන සහන ඒ විදියටම ජනතාව අතරට නොයන්නේ වෙළෙඳ මාෆියාව නිසා බවද නවීන් දිසානායක මහතා කීය.

"ආහාර උද්ධමනය සියයට 43 සිට 32% දක්වා අඩුවෙලා තිබෙනවා. ජනතාව අපෙන් අහන්නට පුළුවන් ,මේ ලැබෙන ප්‍රතිලාභ නිසි විදිහට ජනතාවට ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා.

පාරිභෝගික සේවා අධිකාරියේ සෑහෙන දුර්වලතාවයක් අපට පෙනෙන්නට තිබෙනවා. පක්ෂයක් විදිහට අපි පාරිභෝගික සේවා අධිකාරිය මීට වඩා මෙහෙයක් මේ මොහොතේ සිදු කළ යුතු යැයි අපේක්ෂා කරනවා.

පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් වල ප්‍රමාණය ඉහළ දැමීම සහ වැටලීම් සිදුකරන ආකාරය සම්බන්ධව එතරම් පැහැදීමක් අප⁣ට වගේම රටේ ජනතාවට නැහැ යනුවෙන් ද දිසානායක මහතා පැවසීය.

 



අදහස් (6)

ප්‍රතිලාභ නොලැබීම පාරිභෝගිකයේ වැරැද්දක්

Sunil Monday, 08 May 2023 07:31 PM

මේ බොහෝ අධිකාරිවලින් ජනතාවට සිදුවන කිසිඳු සෙතක් නොමැත...

:       0       13

sukitha Monday, 08 May 2023 08:24 PM

එක්සත් ජාතික පක්ෂ අධිකාරිය වගේමයි. නායකත්වයට තරගයක් නැහැ. අභියෝගයක් නැහැ. වෙනසකට ඉඩක් නැහැ. තරගයක් නැහැ....

:       0       0

Samitha S. Aluthgamage Monday, 08 May 2023 09:01 PM

පාන් පිටි හා සීනි මිල ඉහළ යනවා කියා ප්‍රවෘත්ති පළ වෙනවා. ගනන් යනවාත් සමගම,කළුකඩ කාරයන් පාන්පිටි හා සීනි වැඩි මිලට විකුණා දමාවි.පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගිය සෑම විටම සිදුවුණේ හා ඉදිරියේදී සිදුවන්නේත් එයයි.ඒවා නිසිලෙස සොයා බැලීමට මේ රටේ පාරිභෝගික අධිකාරිය සතුව කිසිදු නුවණක් හා නිපුණත්වයක් පාරිභෝගික අධිකාරිය සතුව නැහැ.මේ අධිකාරිය තිබුණත් කළු කඩ කාරයන් අයුතු ලෙස ලාභ ලබනවා. ඒකෙන් කියැවෙන්නේ පාරිභෝගික අධිකාරිය කියා දෙයක් මේ නමට පමණක් බවයි.අපේ රටේ ඉන්නා පාරිභෝගික ජනතාව හරිම අවාසනාවන්ත මිනිසුන් කොටසක්.

:       0       0

Akila Monday, 08 May 2023 09:48 PM

එතකොට පාරිබෝගික ජනතාවට දැනෙන්නේ නැති උත්දමනයේ අඩුවීමක් මේගොල්ලෝ කොහොමද ගණන් හදල තියෙන්නේ ?

:       0       0

Kamal Monday, 08 May 2023 10:13 PM

මෙච්චරකල් උද්ධමනය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව පාර්ලිමේන්තුවේ කිටියේ කොහොමද ?

:       0       0

ප්‍රවීන් Tuesday, 09 May 2023 07:20 AM

ඔය කියන එක්කෙනා අමු බේබද්දා. පිය පුතු දේශපාලන උරුමය පට්ට අසාර්ථකයි , රටට එයින් අගතියක් වෙනවා කියන්න හොදම උදාහරණයක් .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 798 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1210 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site