
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කෙරුණු නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) ඒකමතිකව අනුමත කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(23) රැස්විය. මේ අනුව ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙරට 49 වැනි අග විනිසුරුවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරි ඉදිරි දිනවල දිවුරුම් දෙනු ඇත.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ලබන 27 වැනිදා විශ්‍රාම ලබන්නීය.
ඇය ලබන 25 සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය සමුගැනීමේ කතාව කිරීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු වන ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසද කලක් කටයුතු කළේය.
මෙරට ප්‍රධාන පෙළේ නම ගිය නඩු කටයුතු රැසක විනිසුරුවරයා ලෙස කටයුතු කළේද සූරසේන මහතාය. හෙතෙම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පාර්ලිමේන්තු ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩීල් එක සම්පූර්ණයි.
දැන් ඉතින් හරි. අධිකරනයත් සුරක්ශිතයි. අල්ලස් කොමිසම, සී අයි ඩී සහ අධිකරනයෙ ඉහලම පුටුවල එකම අරමුනකට කැපවුනු අය සිටින විට වැඩේ අවශ්‍ය තැනට, අවශ්‍ය විදියට වැඩේ වෙයි.
හොරුන්ට මිනි මරුවන්ට හා වෙනත් අපරාධකරුවන්ට ඇග හීතල වෙන ප්‍රවෘත්තියක් මේක.... ඔවුන් වෙනුවෙන් කුලියට කඩේ යන මහත්වරුන්ට වැඩ වැඩි වෙයි ඉදිරියට !
විශේෂයෙන්ම අධිකරණය නොමග යවන ජේෂ්ඨ ජනාධිපති නීතිඥයන්ට දැන් ඉතින් සිරුවෙන් ඉන්න වෙයි
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ අදිකරණය පවා දේශපාලණීකරණය කරලා තිබුනේ.යුක්තිය නීතිය සාදරනය කාටත් පොදුවේ ක්‍රියාත්මක කිරිමට සියලු සක්තිය නිරතුරුවම ලැබේවා .