(යොහාන් භාසුර)
කොළඹ මරදාන, ජිනානන්ද මාවතේ ලැගුම්හලක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් හය දෙනෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙහිදී කාන්තාවන් රුපියල් 2,000 සිට 5,000 දක්වා මිලට අළෙවි කර ඇති බවත් එහි ගණිකා වෘත්තියේ නිරතව සිටි කාන්තාවන් හය දෙනා අතර වයස අවුරුදු 21 ක තරුණියක් ද සිටි බවත් පොලිසිය පැවසීය.
කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකු උපායදූතයෙකු ලෙස යොදවමින් අදාල ස්ථානය වැටලීමට ලක් කළ බව කී පොලිසිය වැල්ලම්පිටිය, පස්සර, ගම්පොළ සහ වඩුමුල්ල යන ප්‍රදේශවල දේශවල පදිංචිකාරියන් 6 ක් සමඟ මෙම ස්ථානය පවත්වාගෙන ගිය ලුණුගල සහ ගලිගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගත්බව සඳහන් කළේය.
මෙම වැටලීම සිදුකර තිබුණේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මතය. සැකකාරියන් හයදෙනා ඇතුළු පුද්ගලයන් අටදෙනා මරදාන පොලිසියට භාරදුන් බව ද පොලිසිය වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මේක මහලොකු ප්‍රවෘත්තියක්ද?