(ගයාන් සූරියආරච්චි)
පැරැණි කෝන්තරයක් මුල් කරගෙන ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ තිදෙනකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයකු මියගොස් ඇතැයි මොරටුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ක පුද්ගලයෙකි.
පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා සහ සැකකරු අතර පැවැති පැරණි කෝන්තරයක් මුල්කරගෙන ඇතිවූ ආරවුලකදී මෙම පහරදීම සිදුවී ඇති බවය.
මෘත ශරීරය පානදුව රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ මොරටුව පොලිසිය සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd