IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පෙරට්ටායි පොලිසියට ගල් ප්‍රහාරයක්

 

(සුරංග රාජනායක සහ සුදත් එස් . කුමාරසිරි)

ගම්පොල පොලිස් කොට්ඨාසයට අයත් පුස්සැල්ලාව පෙරට්ටාසි පොලිස් ස්ථානයට කිසියම් පිරිසක් අද අලුයම එකට පමණ ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය පවසයි .

මෙම ප්‍රහාරයෙන් පොලිස් ස්ථානයේ නාම පුවරුවට හානි සිදුවී ඇති අතර වහලයට ද ගල් ප්‍රහාර එල්ල වී තිබේ .

පෙරට්ටාසි ප්‍රදේශය නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම් වන අතර එය ගම්පල පුස්සැල්ලාව නගරයේ සිට කිලෝ මීටර් විස්සක් පමණ දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇත .

මෙම ප්‍රදේශයේ සිදුවන විවිධ අපරාධ මැඩ පැවැත්වීම හා සාමකාමී ජන ජීවිතයක් ගොඩනැගීමේ අරමුණින් මෙම පොලිස් ස්ථාන පිහිටවූ බවද උසස් නිළධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට වතු ජනතාව නියෝජනය කරන රජයේ ඇමතිවරයෙකුගේ නමක් කියවෙන අතර ඒ පිළිබඳව විමසීමට එම ඇමැතිවරයාට දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවද එයට ප්‍රතිචාරයක් නොලැබුණි .

මෙම ප්‍රාදේශීය මන්ත්‍රීවරු දෙදෙනකු විසින් මෙවර නිදහස් උත්සවය වෙනුවෙන් මෙම ප්‍රදේශයේ  පොල් පැල රෝපණය කර ඇති අතර ඒවා වතු පාලකයන් ගලවා දමා ඇත. ඒ පිළිබඳව මෙම පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත්තැයි මෙවර පැවැත්වූ කොත්මලේ ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී ද එම මන්ත්‍රීවරුන් කතා කර ඇතැයි ද වාර්තා වෙයි.



අදහස් (0)

පෙරට්ටායි පොලිසියට ගල් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site