(හසිත රංග ගුණතිලක)
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාව අද (09) නම් කරනු ලැබීය.
යුක්තිගරුක සමාජයක් වෙනුවෙන් සමාජවාදී අපේක්ෂකයෙක් යන මැයෙන් කොළඹ නව නගර ශාලාවේ අද (09) පැවැති සම්මන්ත්‍රණයකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් නාගමුව මහතාව පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබිණි.
කුමාර් ගුණරත්නම් මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමත් සමඟ සම්මන්ත්‍රණයට එක්ව සිටි සියලුම දෙනා තම අසුනින් නැගිට දෑත් ඔසවා එම යෝජනාව ඒකමතිකව අනුමත කළේය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම තරඟයක් තියේවි.
ඇපෙවත් බේරෙයිද මල්ලියේ ?
තවත් ජනාධිපති අපේක්ෂක බිම්මලක්. නම ඇහුවෙත් අදයි. පෙරටුගාමියෙක් නිසා කැම්පස්වල නවකවදය ගැන අත්දැකීම් එහෙම ඇතිනේ.
තර්ජනය - ජවිපෙ ට. පවු! ජවිපෙ අනිවාර්යයෙන්ම චම්පිකගෙ සහයෝගය ඉල්ලනව.
මෙච්චරයි අඩුව තිබුනේ.
මේ ජනාධිපතිනම් මෙහයවන්නේ විරෝදතා පමණි. සැරසෙමු දින 365ම විරෝදතවලට. සෑම පොලිසියකටම වතුරවිදින වාහන එකක්හෝ ලබාදෙන්න. කඳුළු ගෑස් , බැටන්පොලු සහ අනිකුත් ආරක්ෂක උපකරණ ඇති පමණ ඇනවුම් කරන්න.
හුරේවා ! අපේ අනාගත ජනපති තුමාට ! ජය නියතයි ! අඩුම ගන්නේ 85% ක් ගන්නවා ගන්න ව මයි ( කාලකන්නි අන්තරේ - යන්තරේ සහයෝගයත් ඇතුව ) ජය වේවා ! ජයවේවා මැතිදුනි
ජනාධිපති තණතුර මේ තරම් හෑල්ලුවට ලක්වුණේ කවදා සිටදැයි කවුරුත් දන්නවා ඇති. දැන් කඩල විකුණන කොලුවටත් , පොල් කඩන හරමානිස් මාමටත් ජනාධිපති ධුරයට ඉල්ලීමට සිතේ.
සමාජවාදීන් කිය්න ජවිපෙ මුදලට විකිනෙද්දි සමජවාදයට ගරුකරන මිනිසුන්ට නියම අපේක්ශකයෙක්
මෙයාලට බලය දුන්නොත් රටේ ජනතාවටත් අර විශ්වවිද්‍යාලෙට එන නවකයන්ට කලා වගේ, තමයි වෙන්නේ .
පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් දුමින්ද නාගමුව මහතා ලබාගත් ඡංද සංඛ්‍යාව "100" යි.
ඉහත දක්වා ඇති ප්‍රතිචාර කියවීමෙන්, ඉතා පැහැදිලිවන්නේ, මෙවැනි වහලුන් සිටින තාක්, 1948 සිට පවතී මේ ක්‍රමය තව වසර 100ට එහා පවතින බවය. බිලියන ගණනින් සොරා කෑ දේශපාලුවන් වෙනුවෙන් දිවා රෑ නොබලා කොමෙන්ටු දමමින් දන්කුඩ සුරන ශ්‍රී ලාංකික ඡන්ද දායකයන් සිටිනතාක් ලංකාවට දෙවියන්ගේම පිහිටය.