IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පරාටේ නීතිය අත්හිටුවන පනත මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බැංකු ලබාදී ඇති  ණය කලට වේලාවට නොගෙවන පුද්ගලයන්ගේ දේපළ අත්පත් කරගෙන වෙන්දේසි කිරීමේ ක්‍රමවේදය (පරාටේ නීතිය) තාවකාලිකව අත්හිටුවීමට විධිවිධාන ඇතුළත් බැංකු මගින් ප්‍රදානය  කරන ලද ණය අයකර ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත්  කෙටුම්පත පාර්ලිමේන්තුවට අද(21)  ඉදිරිපත් කෙරිණ.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී නුදුරු දිනක පැවැත්වෙනු ඇත.

පරාටේ නීතිය ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා අත්හිටුවමින් රජය විසින් ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කරනු ලැබීය. ඒ එම තීරණයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුවය.

කෙසේ වෙතත් ඊට අදාළ නීතිය පාර්ලිමේන්තුවේදී සම්මත වනතුරු දේපළ අත්පත් කර ගැනීම සහ වෙන්දේසි කිරීම දිගටම කරගෙන යන බව බැංකු නිලධාරීහු පසුගියදා පෙන්වා දුන්හ.



අදහස් (1)

පරාටේ නීතිය අත්හිටුවන පනත මැතිසබයට

Mo77 Thursday, 21 March 2024 12:54 PM

නවලෝක හා අනෙක් ලොකු ලොකු මුදලාලිලා ගොඩ.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site