(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බැංකු ලබාදී ඇති ණය කලට වේලාවට නොගෙවන පුද්ගලයන්ගේ දේපළ අත්පත් කරගෙන වෙන්දේසි කිරීමේ ක්‍රමවේදය (පරාටේ නීතිය) තාවකාලිකව අත්හිටුවීමට විධිවිධාන ඇතුළත් බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද(21) ඉදිරිපත් කෙරිණ.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී නුදුරු දිනක පැවැත්වෙනු ඇත.
පරාටේ නීතිය ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා අත්හිටුවමින් රජය විසින් ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කරනු ලැබීය. ඒ එම තීරණයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුවය.
කෙසේ වෙතත් ඊට අදාළ නීතිය පාර්ලිමේන්තුවේදී සම්මත වනතුරු දේපළ අත්පත් කර ගැනීම සහ වෙන්දේසි කිරීම දිගටම කරගෙන යන බව බැංකු නිලධාරීහු පසුගියදා පෙන්වා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවලෝක හා අනෙක් ලොකු ලොකු මුදලාලිලා ගොඩ.