(ඩයනා උදයංගනී)
උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන මුවාවෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට නව අණ පනත් හා නීති අවශ්‍ය නම් ඒ සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාට උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදුවන්නේ නම් රටේ ජන ජීවිත හා දේපල ආරක්‍ෂා කිරීමේ වගකීමක් රජයට තිබෙන බව කී ඇමතිවරයා එවැනි ක්‍රියා වැළැක්වීමට අලුත් නීති හෝ සම්මත කළ යුතු නම් එසේ කළ යුතු බව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බව ද සඳහන් කළේය.
ව්‍යවස්ථාදායකයට, විධායකයට නිදහසේ වගකීම් ඉටු කළ නොහැකි තත්වයක් මතුවුණොත් අවශ්‍ය පියවර ගන්නා බව ද ඇමතිවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණ නවත්වන්න නෙවෙයි, තක්කඩි ඇමැතිලා හොරාකන එක නවත්වන්න නීති ගේන්නකෝ... එතකොට උද්ඝෝෂණ වලට වැටවල් බඳින්න ඕනෑ වෙන්නේ නෑ.
රට පාලනය කරන්න කියලා එන නායකයෝ ආපු දවසේ ඉඳන් හොරාකන්න පටන් ගන්නේ නැතුව හරියට රට පාලනය කරනවා නම්, ඔය වගේ මිනිස්සු අවංකවම කරන උද්ඝෝෂණ වලට ප්‍රචණ්ඩක්‍රියා ලේබල් අලවාගෙන ජෝගි නටන්න ඕනෑ නැහැ ඇමතියෝ..!
අනීතික දරදඬු නීතිවලින් බඩගින්න මට්ටු කළ නොහැකිය.
මැයි 09 දා මහින්දගේ මැරයින් බිහිසුණු ප්‍රචණ්ඩකාරිත්වයක් දක්වනතුරු අරගලකරුවන් ඉතාම සාමකාමීව සිටියා. මේ ප්‍රචණ්ඩත්වය ඇතිකළේ දුර්දාන්ත රජයයි. රනිල් එය තව ඉදිරියට ගෙනියනවා.
රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමටත් ඔය හා සමාන නීති ගෙනාවද?
සුදුළූණු කන්ටේනර් පිටින් හොරා කෑවටයි. ඝාතන, වදහිංසා වලට මුකුත් නීති, අණපනත් ගැන කිව්වේ නැද්ද?