
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගෝල්පේස් අරගලයට පහරදීම,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම මෙන්ම ගෙවල් ගිනි තැබීම සම්බන්ධයෙන් විභාගයක් කරන්නැයි පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සභාවට තමා ලිඛිතව දැනුම් දුන් බව එක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සිදු වූ දේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු අතර ලංකාවේ පරීක්ෂණ කටයුතු කිරීමෙි ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ගැන සොයා බලන ලෙස පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සභාවේ මහ ලේකම් ස්ටීවන් ට්වික් මහතාට දැනුම් දුන් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සභාවේ මහලේකම්වරයාට කතා කරන ලෙස කතානායකවරයාට ද තමා දැනුම් දුන් බව අග්‍රාමාත්‍යවරයා කීය.
එමෙන්ම අදාළ ප්‍රචණ්ඩකාරී ක්‍රියා අනුමත කරමින් ශානක්කියම් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කර තිබෙන බවද අදාල මන්ත්‍රීවරයා ඒ ප්‍රකාශය ගැන කණගාටුව ප්‍රකාශ කොට කතාව ඉල්ලා අස්කර ගත්තේ නැතිනම් කතානායකතුමා එ් සම්බන්ධයෙන් විභාග කොට අදාල කොමිටියට දමා වාර්තාවක් ලබාදෙන ලෙස කතානායකවරයාට පවසන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගෙ රටේ ප්‍රශ්න රට ඇතුලෙ විසඳගන්නෙ නැතිව රෙද්දක් කරනවා. මේ මනුස්සයා ඔහොමම තමයි. ටයි එක එල්ලගෙන සුද්දගෙ පස්සෙ යන එක තමා ලොකුම දෙය කියලා හිතාගෙන ඉන්නෙ. ඉතින් රටක් ස්වාධීන වෙයිද ?
නිරායුද අරගල කරුවන්ට කරපු පහරදීම් පිටිපස්සේ ඉන්නේ දූෂිත දේසපාලුවෝ. ඒවා ගැන කතාවක් නැහැ. ජනතාව කන්ඩ නැතුව දුක් වින්දිනවා. පෝලිම් වල මැරිලා වැටෙනවා. කාලකන්නි දේසපාලුවන්ට වගේ වගක් නැහැ.