IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ප්‍රචණ්ඩ ක්‍රියා කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දිවයින පුරා පසුගිය මැයි මස 9 වෙනිදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට අදාල විශේෂ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කරන බව  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම කමිටුවේ වාර්තාව අනුව ආරක්ෂක අංශවල  යම් අඩුලුහුඩුකම් සිදුවී ඇත්නම් ඉදිරියේදී ඒ සම්බන්ධව පියවර ගන්නා බව පැවසූ  රාජ්‍ය අමාත්‍යවරයා  එම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව පසුගිය 8 වැනිදා ජනාධිපතිවරය‍ාට බාර දුන් බවද   සඳහන් කළේ‍ය.

ඔහු මෙසේ පැවසුවේ  ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ  පළමු රැස්වීමේ මුලසුන හොබවමිනි.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අපරාධකරුවන් ගෙන්වා ගැනීමට පවතින නෛතික බාධාවන් ඉවත් කිරීමට අදාළ නියමයටත්  එම කාරක සභාවේ අනුමැතිය ලැබිණ.

මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කරනු ලැබ  ඇත්තේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක සහ හිටපු හමුදාපති  ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) යන මහත්වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසිනි.

මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් ‍ජනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික)  මහතා පැවසුවේ  මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ වූවන්ට සහ අනුබල දුන් අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.

විදෙස් රටවල සිට මෙරටට ගෙන්වන මත්ද්‍රව්‍ය සම්බන්ධ  ජාවාරම් නතර කිරීම, අසත්‍ය ප්‍රචාර සදහා සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම වැලැක්වීමට  නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු  කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙම රැස්වීමට කාරක සභා සාමාජිකයන් වන  (ආචාර්ය) සරත් වීරසේකර,  (මේජර්) ප්‍රදීප් උදුගොඩ යන මහත්වරුන්  ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.



අදහස් (1)

ප්‍රචණ්ඩ ක්‍රියා කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

Dayan Tuesday, 27 September 2022 03:53 PM

පරම්පරාගත දේශපාලකයෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site