
(අංජුල මහික වීරරත්න)
පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපයට පැවසීය.
හෙක්ටයාරයකට රුපියල් 25000ක බැගින් ගොවීන් වෙත පොහොර සහනාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර දිසානායක මහතා තීරණය කළ අතර ඉන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් එම සහනාධාරය ලබාදීම මැතිවරණය අවසන් වන තෙක් නතර කරනු ලැබීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා පැවසූයේ තමා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලිඛිතව කරුණු දැක්වූ අතර දේශපාලන පක්ෂ කිහිපයක්ද පොහොර සහනාධාරය ලබාදීමට විරෝධයක් නැති බව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබූ බවයි.
මැතිවරණ කොමිසමේ එකඟතාවය අනුව අදාළ පොහොර සහනාධාරය නිසි පරිදි ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්. පොහොර සහනාධාරය ගොවීන්ට දෙන එක රජයේ යුතුකමක්... ඒ වගේම රජයෙන් ලැබෙන සහනාධාරය කිසි විටක දේශපාලනය සමග සම්බන්ධ විය යුතු නෑ. ජනාධිපතිට, මැකෝට ගොඩක් ස්තූතියි...!
මැතිවරණ කොමිසම පොහොර සහනාධාරයට විරුද්ධ වුනේ මොන පදනම මතද කියන එක ප්‍රශ්නයක්, ජනාධිපතිවරයා මැතිවරණ පැවැත්වෙන දින ගැසට් කෙරුවාට තවම නාමයෝජනා බාර ගැනීමවත් ආරම්භ කරලා නැහැ...
එය හොඳ අදහසකි (එක් අයෙකු ගඟට එන විට අපි ගඟ තරණය කළ යුතුය)
හාල්, ටකරන් තහඩු ,ඡන්ද අල්ලස් දීපු දේසපාලුවොත් ඉන්නවා.පොහොර සහනාධාරය දුන්නේ මහ කන්නයේ ගොවීන්ට අවශ්‍යම නිසා.