(චන්ද්‍රසේන ගමගේ)
බෙලිඅත්ත මාහීල්ල පැරකුම් ප්‍රජා ජල සංචිතයට අයත් ජල නළ තොගයක් ලොරි රථයකින් මහ රෑ රැගෙන යාමට උත්සහ කළ බව කියන බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම ජල ව්‍යාපෘතියේ සභාපතිවරයා බව කියන ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඉදිකරමින් පවතින එම ජල සංචිතයට අයත් බට කෑලිවලට කපා වාරියපොළ ප්‍රදේශයේ ලොරි රථයකට පටවමින් සිටියදී ප්‍රදේශවාසීන්ට ලැබුණු තොරතුරක් මත පොලිසිය දැනුම්වත් කර ඇත. පසුව සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුව ගෙන ඇත.
මේ බට තොගය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ සහෝදරයකුගේ නිවෙසට ගොඩ ගසා තිබූ ඒවා බව ද පොලිසිය සඳහන් කරයි. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රා සභාපති බට පටවද්දී මාට්ටු
ravin Thursday, 29 December 2022 01:12 PM
අපොයි... අපොයි... දේශපාලකයෙක් නේද? රජ කාලෙ වගේ එළිමහනේ ඉණවටක් පොළවේ යටකර ගල්වලින් ගහලා, දිමිගොටු දාලා දුක්විඳින්න දෙන්න ඕනේ...
BamunuarachchiSaturday, 31 December 2022 07:45 AM
මොන දිමිගොටුද හලෝ එළිමහනේ ඉණවටක් පොළවේ යටකර ට්‍රැක්ටරයකට නගුල සවිකර හාන්න ඕනේ
sharm warn Thursday, 29 December 2022 02:12 PM
ඔය ඔක්කොම හොරු කියලා කියද්දි, කියද්දි නේද ඒ අයවම පත්කරගත්තේ? දැන් සතුටුයිද? මේ අහුවෙච්චි හොරකමක් විතරයි. ව්‍යාපෘතියේ සභාපතිවෙලා තව කොච්චර ගසාකනවා ඇද්ද? බෙලිඅත්තේ බුද්ධිමත් ජනතාවනි, ඔන්න ඔබේ තේරීම...!
[email protected] Thursday, 29 December 2022 02:38 PM
ඕකත් නිදහස්වෙයි මෝක්ගෙ බලපෑමෙන්.
ගමගේ Thursday, 29 December 2022 05:40 PM
බලන්නකෝ සභාපතිගේ ගම් පළාතේ (පොහොට්ටු නායකයින්ගේ ගමේ) ඉන්නේම හොරු නේද? පොහොට්ටුවට ජයවේවා..!
බකුරා Friday, 30 December 2022 01:27 AM
දේසපාලනයකයෝන්ට කියන නමක් "horu".
රුවන් නිරිඇල්ල Friday, 30 December 2022 02:34 AM
හොඳ වෙලාවට ජෙප්පන්ට ගම නොදී පොහොට්ටුවට ගම දුන්නේ . ජෙප්පන්ට ගම දුන්නානම් ගමෙන් යන්න වෙන්නේ. ජෙප්පන්ට ගම නොදීපු නිසා මෙහෙම ගමක් ඉතුරුවෙලා තියෙනවා.