(චන්ද්‍රසේන ගමගේ)
බෙලිඅත්ත මාහීල්ල පැරකුම් ප්‍රජා ජල සංචිතයට අයත් ජල නළ තොගයක් ලොරි රථයකින් මහ රෑ රැගෙන යාමට උත්සහ කළ බව කියන බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම ජල ව්‍යාපෘතියේ සභාපතිවරයා බව කියන ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඉදිකරමින් පවතින එම ජල සංචිතයට අයත් බට කෑලිවලට කපා වාරියපොළ ප්‍රදේශයේ ලොරි රථයකට පටවමින් සිටියදී ප්‍රදේශවාසීන්ට ලැබුණු තොරතුරක් මත පොලිසිය දැනුම්වත් කර ඇත. පසුව සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුව ගෙන ඇත.
මේ බට තොගය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ සහෝදරයකුගේ නිවෙසට ගොඩ ගසා තිබූ ඒවා බව ද පොලිසිය සඳහන් කරයි. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි... අපොයි... දේශපාලකයෙක් නේද? රජ කාලෙ වගේ එළිමහනේ ඉණවටක් පොළවේ යටකර ගල්වලින් ගහලා, දිමිගොටු දාලා දුක්විඳින්න දෙන්න ඕනේ...
ඔය ඔක්කොම හොරු කියලා කියද්දි, කියද්දි නේද ඒ අයවම පත්කරගත්තේ? දැන් සතුටුයිද? මේ අහුවෙච්චි හොරකමක් විතරයි. ව්‍යාපෘතියේ සභාපතිවෙලා තව කොච්චර ගසාකනවා ඇද්ද? බෙලිඅත්තේ බුද්ධිමත් ජනතාවනි, ඔන්න ඔබේ තේරීම...!
ඕකත් නිදහස්වෙයි මෝක්ගෙ බලපෑමෙන්.
බලන්නකෝ සභාපතිගේ ගම් පළාතේ (පොහොට්ටු නායකයින්ගේ ගමේ) ඉන්නේම හොරු නේද? පොහොට්ටුවට ජයවේවා..!
දේසපාලනයකයෝන්ට කියන නමක් "horu".
හොඳ වෙලාවට ජෙප්පන්ට ගම නොදී පොහොට්ටුවට ගම දුන්නේ . ජෙප්පන්ට ගම දුන්නානම් ගමෙන් යන්න වෙන්නේ. ජෙප්පන්ට ගම නොදීපු නිසා මෙහෙම ගමක් ඉතුරුවෙලා තියෙනවා.