
(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය ඉප්පන්තිව් දූපත සමීප කළපුවට පැමිණ් තල්මසකු, මහත් පරිශ්‍රමයක් දරා යළි මුහුදට මුදා හැරිය බව කල්පිටිය වන ජීවී අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග මහතා පවසයි.
අඩි 35ක් පමණ දිගින් යුතු මෙම තල්මසා බ්‍රයිඩෙස් තල්මසා යන නමින් හදුන්වන්නෙකි. සිය සංචරණ මාර්ගය වෙනස් වීමෙන් සහ කුඩා මසුන් අනුභවය පිණිස කළපු දෙසට පැමිණෙන්නට ඇතැ යි, කුමාරතුංග මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.
නොගැඹුරු කළපු ජලයේ වැඩි වේලාවක් තල්මසාට රැදී සිටීමට අසීරු හෙයින් ඉමහත් වෙහසකින් පසු උච්චිමුණේ මෝය කටින් යළි මුහුදට මුදා හැර ඇත. මෙම තල්මස් මෙහෙයුම සදහා කල්පිටිය වන ජීවී නිළධාරී කාර්‍ය මණ්ඩලයට, කල්පිටිය නාවුක හමුදාව සහ කල්පිටිය නාරා ආයතනයේ සහාය ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් පින්...!
හොඳ වැඩක්
සතුන් රැකගැනීමේ හොඳවැඩක් අගයකලයුතුයී