(සුජිත් හේවාජුලිගේ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2003 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා රුපියල් කෝටි හතළිස් එකකට වැඩි මුදලක් වැය කර ආරම්භ කළ ව්‍යාපෘති ගණනාවක් අවසන් නොකර අතරමග නතර කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
ඊට වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන එම මුදල් අය කිරීමට කටයුතු නොකර ඒවා අඛණ්ඩව නොනිමි වැඩ යටතේ මූල්‍ය ප්රකාශනවල දක්වා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
මෙසේ අතහැර දමා ඇතැයි පැවසෙන්නේ පුනරුත්ථාපන සහ ප්‍රාග්ධන ව්‍යාපෘතීන්ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘති අවසන් බිල්පත් නොගෙවීම ව්‍යාපෘති අතරමැදි නවතා දැමීම, නිමකර ඇති වැඩ කොටස් සතුටුදායක නොවීම වැනි කරුණු මත ලිපිගොනු වසා ප්‍රාග්ධනිත කිරීමට නොහැකිවී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවත් එම කමිටුවේ නිර්දේශ අනුව අවශ්‍ය කටයුතු කෙරෙන බවත් ඔවුහු පෙන්වා දෙති. මේ තොරතුරු සඳහන් වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
156
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’පේරේ’’ ව්‍යාපෘති රැසක් කොට උඩ