
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වෙසක් සිරි නැරඹීමට යන අතරතුරදී ජනතාවට හිරිහැරයක් වන පරිදි අපරික්ෂාකාරීව යතුරු පැදි හා ත්‍රී රෝද රථ පැද වු 60 දෙනෙකුගේ වාහන අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
ඇතැම් යතුරු පැදිකරුවන් තනි රෝදයෙන් ගමන් කල බවත් තවත් සමහරු යතුරු පැදිය නවතා තබන යකඩ කොටස තාර පාරේ ඇතිල්ලී යන ආකාරයට ගිනි පිට කරමින් ධාවනය කල බවත් පොලීසිය කියයි.
ඊට අමතරව අත් අඩංගුවට ගත් යතුරු පැදි හා ත්‍රී රෝද රථ වල මුල් ආකෘතිය වෙනස් කරමින් අධික ශබ්දය නිකුත් වන ආකාරයට සයිලන්සර්,නලා ආදී විවිධ අමතර කොටස් සවි කර තිබු බව කියති.
අධීක ධාවන ධාරිතාවකින් යුත් ඇතැම් යතුරුපැදි වල වටිනාකම රුපියල් ලක්ෂ පහලොව විස්ස ඉක්මවන බව පොලීසිය සදහන් කරයි.
එම නිසා අත්අඩංගුවට පත් යතුරු පැදි 58 හා ත්‍රී රෝද රථ 02 මාතර දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයා හමුවට ඉදිරිපත් කර තහනම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවත් ඒවා පැද වු තරුණයින්ට එරෙහිව අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනාව යටතේ නඩු පවරන බවත් මාතර පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ශාපයක් මේ අධිධාරිතා යතුරුපැදි, හැම ගමටම නගරයකම දෙක තුනක් තියෙනවා. නද දීගෙන වේගෙන් පාරේ යනවා යන මිනිස්සු බියෙන් ඇලලිලා ඉන්නේ... රෑට ගියොත් නින්දෙන් ඇහැරෙන තරමට සද්දේ.. පොලීසියත් මොවුන් එක්ක හොරා පොලිස් සෙල්ලම්, මොකද බල පුළුවම්කාරයෝත් ඉන්න නිසා. වහාම මේවා මහපාරේ යන එක නතර කරලා වෙනම තැනක් දෙන්න අමාරුව හොඳ වෙන්න. මේවාට කතරනකොට කුහකයින් කොල්ලෝ කරන වැඩ කියලා තප්පුලන ගවයෝ ටිකක් ඉන්නවා...
මාතර සති පොළ ළඟ සිට කුඩාගොඩ බ්‍රවුන්ස් හිල් අතර වෙරළ පාරේ විශේෂයෙන් සවස ඔයකියන බයිසිකල් පදින කල්ලියක් ඉන්නවා. හිටි ගමන් මහා විශාල ශබ්දයක් නගමින් හරියට ප්‍රහාරක යානා වගේ ඉතා වේගයෙන් වෙඩි උණ්ඩ වගේ මහා පාරේ පැදගෙන යනවා. මහ ලොකුවට අනිත් දවස්වල කළුවරේ ඉඳන් දඩ කොළ ලියන රාළහාමිලා මේ ගොල්ලෝ පදින දවස් වලට පේන්න නැහැ.