
( රොමේෂ් මධුෂංඛ)
යාපනය කොඩිකාමම් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ මාක්කිරායි ප්‍රදේශයේදී අද (12) උදෑසන සිදුවූ අනතුරකින් මාර්ගයක වී වේලමින් සිටි ගොවියෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩ පොලීසිය පවසයි.
මහකන්නයේ වී අස්වැන්න නෙලීමෙන් පසුව නෙලාගත් වී අස්වැන්න වේලීම සඳහා මාක්කිරායි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන මාර්ගයට දමා වී වෙලමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
පලෙයි සිට පේදුරතුඩුව දෙසට ධාවනය වී ඇති යතුරුපැදියක වී වේලමින් සිටි ගොවියා ගැටී ඇති අතර ඒහිදී බරපතල තත්වයේ සිටි ගොවියා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියා පිළිබඳ බලවත් ශෝකය. නමුත් මහා මාර්ගවල වී වේලන එක නම් හරිම කරදරයක්...!
හරිම දුකයි. වී වේලාගන්න පහසුකම් තිබුණා නම් මේ මනුස්සයා පාරේ වී දාන්නේ නැහැනේ....
යතුරු පැදි කරු සියලු චෝදනාවලින් නිදහස් කර රස්තියාදු නොකර ගෙදර අරින්න.
ගොවියා රජ කරවනවාය කියා පාලකයින් බලයට පැමිණි රටේ, එක වෙලාවකට ගොවියා වස බී නසී, තව වෙලාවකට ගොවියාගේ සියලු සේසත බැංකුවට සින්න වේ, එසේත් නැතිනම් මහමග නසී... කෘෂිකර්මාන්තයට නිසි ක්‍රමවේදයක් සහ අවම පහසුකම්වත් නොමැතිකම මේ සියලු දේට හේතුවේ. නමුත්, සැමදාම පාලකයින් ගොවි කරමතින් රජ පුටුවට...
දැන් ලංකාව පුරාම මේක ස්ටයිල් එකක් කරගෙන.. පාරෙ වී විතරක් නෙවෙයි මුං, කුරක්කන් වේලනවා. සම්පුර්ණ වැරැදියි අනතුරු වැඩියි. ගොවියන් ඉස්සර වී වේලුවේ කුඹුරේම තියාගෙන. අපි තවම කරන්නේ එහෙම... ලේසිය, පහසුව විතරක් බලලා මේ කරන වැඩේ නවත්වන්න ඕනෑ...!