(ආරියරත්න රණබාහු)
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරීන් සඳහා මාසික විශේෂ දිරි දීමනාවක් මෙම වසරේ මාස දහයක් සඳහා ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව පසුගිය මාර්තු මාසයේ සිට ලබන දෙසැම්බර් මාසය දක්වා මෙම දීමනාව ගෙවිමට නියමිතය.
මේ අනුව ප්‍රාදේශීය ලේකම්වරයකුට රුපියල් පහළොස්දහක දීමනාවක් ද සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ ,ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් දස දහසක දිමනාවක්ද හිමිවේ.
රජයේ සංවර්ධන කටයුතුවල ප්‍රාදේශීය කේන්ද්‍රස්ථානය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සවි බල ගැන්වීමේ අරමුණින් මෙම විශේෂ දීමනා ගෙවීමට රජය තීරණය කර ඇත.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් චක්‍රලේඛය නිකුත් කරනු ලැබ තිබේ.
සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මෙම දීමනාව ලබා දෙන බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය .
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය ලේකම් කාර්යාල / ප්‍රාදේශීය සභා විසින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී වැඩිම කාර්ය භාරය ඉටුකරන කාර්මික නිලධාරින් නොසලකා හැරීම ගැන කණගාටුව පළකර සිටින අතර කාර්මික නිලධාරීන් නොමැතිව කිසිම ව්‍යාපෘතියක් ඉටුකළ නොහැකි බවද කිවයුතුයි...!
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ප්‍රධානියා ප්‍රාදේශීය ලේකම් ඊළඟට ඉන්නේ සහකාර ප්‍රාදේශීය ලේකම් සහකාර අධ්‍යක්ෂ හා ගණකාධිකාරි වෙනවා මේ සේවාවන් ඔක්කෝම දීප ව්‍යාප්ත සේවාවන් වෙනවා.. කලකට පෙර මේ තනතුරු සහකාර ප්‍රාදේශීය ලේකම් (පාලන) සහකාර ප්‍රාදේශීය ලේකම් (සැලසුම් ) හා සහකාර ප්‍රාදේශීය ලේකම් (ගිණුම්) කියලා හැඳින්වීම කළා දැන් එහෙම නැතුව ඇති. මම දිනක් මගේ වාහනය මගේ නමට හරවාගෙන නැති නිසා වාර්ෂික බලපත්‍රය ගන්න එක්තරා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකට ගියා එහි සංවිධාන සටහන දැක්කාම මට හිසේ කැරැල්ල ඇතිවුණේ එම කාර්‍යාලයේ පමණක් සහකාර ප්‍රාදේශීය ලේකම් යටතේ සමාන්තර ශ්‍රේණිධාරි සහකාර අධ්‍යක්ෂ හා ගණකාධිකාරි තනතුරු සදහන් කර තිබුණු නිසා තමයි... මේක අනෙක් කාර්‍යාල ගැන බලනවිට ඒවායේ සහකාර ප්‍රාදේශීය ලේකම්, ගණකාධිකාරි, සහකාර අධ්‍යක්ෂ එකම මට්ටමෙන් සිටිද්දී එතැනට පමණක් වෙනසක් වුනේ කොහොමද කියලා...
ඡන්දෙ තිබ්බොත් මේ අයගෙන් ආණ්ඩුවට ඕන විදිහට වැඩක් ගන්න මේ හදන්නේ...