(අංජුල මහික වීරරත්න)
එප්පාවල පොස්පේට් නිධියෙන් ටී එස් පී සහ එස් එස් පී පොහොර නිෂ්පාදනයට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
1979 වසරේ සිට නිසි ප්‍රයෝජනයක් නොගෙන පවතින ජාතික සම්පතක් වන එප්පාවල පොස්පේට් නිධියෙන් වී සහ අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය ත්‍රිත්ව සුපිරි පොහොර(ටී.එස්.පී) සහ තනි සුපිරි පොහොර(එස්.එස්.පී) නිෂ්පාදනය ඉක්මනින් ආරම්භ කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව කීය.
දැනට දේශීය ආයෝජකයින් කිහිපදෙනෙක් එප්පාවල පොස්පේට් නිධියෙන් අදාල පොහොර වර්ග දෙක නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වී ඇතැයි පැවසූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඔවුන් ආයෝජනය කරන්නේ නම් විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා අඩු තරමින් ඩොලර් මිලියන විස්සක් රජයේ ගිණුමෙහි තැන්පත් කළ යුතු බවද පැවසීය.
එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව පොස්පේට් මෙට්‍රික් ටොන් මිලියන 60ක් පවතින බවත් වාර්ෂිකව ත්‍රිත්ව සුපිරි පොහොර ආනයනය සඳහා රුපියල් බිලියන 6ක මුදලක් වැය කිරීමට රජයට සිදුවන බවත් මේ සාකච්ඡාවේ දී අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත් ගොඩක් උඩ ඉඳන් ලෝකෙ වටේ හිඟාකනවා කොමිස් ගැහිල්ල නිසා. දැන්වත් තියෙන සම්පත් වලිින් නිසි ප්‍රයෝජන ගත්තොත් හොඳයි.
ඕක මෙච්චර කාලයක් නොකරපු අයට හෙන ගහන්න ඕනෑ. විදේශීය පෝර සමාගම්වල කොමිස් කුට්ටියට යටවෙච්ච කාලකන්නි දේශපාලුවන්ටයි, ඔවුන්ගේ කොමිස් වලින් රට කෑ රාජ්‍ය සේවක නිලධාරින්ටයි සාපවෙනවා.. මේවා මේ රටේ මෙච්චර කාලයක් කරන්න නොදුන්නාට...
මේ රටට මෙච්චර විනාශයක් කරපු හොරු තාම නිදැල්ලේ. මොවුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද? මහින්ද අමරවීරත් කියවනවා විතරයි තවම එක වැඩක්වත් පටන් අරගෙනම නෑ. මොවුන් කවුරුවත් වැඩක් කරන අය නෙමෙයි. කොමිස් තමයි බලන්නේ. මොවුන් මෙච්චර කාලයක් කෙරුවනේ... 225ම පන්නලා රටගැන හිතන බුද්ධිමත් අළුත් සෙට් එකක් පත්කරගන්නකන් ඔය කිසිම වැඩක් කෙරෙන්නේ නෑ. මොකක් හරි කියලා වැඩේ නොකෙරෙන තැනට තමයි වෙන්නේ...
මේ අය හැමදාම මේක හෝද හෝදා මඩේ දදා කියවනවා විතරමයි...
කරයි.. කරයි.. කෙංගෙඩියක්...
දැන් තමයි මතක් වෙන්නේ. මෙච්චර කාලයක්...?
මතකද මලේ 2015දී දෙසුවා....ඉන්න ඇමතිවරු හම්බ කරගෙන ඉවරයි.අලුත් අය ආවොත් අලුතින්ම හම්බ කරයි කියල. ඉතින් මලේ හම්බ කරගෙන ඉවරනම් දැන් රටට වැඩ කරන්න පුළුවන් නේද?
මම අහලා තියෙන විදිහට නම් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායනික මහාචාර්ය වරුන් කරපු පර්යේෂණවලට අනුව එප්පාවල, රොක්පොස්පේට් වලින් වී වගාව, වැනි කෙටිකාලීන බෝග සඳහා පොස්ෆේට් පොහොර, සෑදීම ඉතාම මිල අධිකයි. භේතුව එහි රසායනික සැකසීමේ පිහිටීම... එය සුදුසු වන්නේ පොල් වැනි දිගු කාලීන බෝග, සඳහායි. මේක මේ ඇමතිවරයා නොදන්නවා නොවේ. ඒත් බොරුවට මිනිසුන් රවටනවා...!
මේකත් කියවනවා ව්තරයි වැඩක් කරන එකෙක් නෙමෙයි. තොපි පලයව් පව් නොදී. තරුණ පිරිසකට අවස්ථාව දීලා. අළුත් විදියට හිතල වැඩක් කරන්න.