(අංජුල මහික වීරරත්න)
රටේ ආර්ථිකය යහපත් වීමත් සමඟ වී මිල දී ගැනීම ඇතුළු පියවර තුනක් යටතේ කඩිනම් ජනතා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය අද (13) තීරණය කළේය.
ළමා මන්දපෝෂණය තුරන් කිරීම සහ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මේ වනතෙක් පාරිතෝෂික නොගෙවූ සේවකයන් 18,000කට අධික පිරිසකට කඩිනමින් පාරිතෝෂික මුදල් ගෙවීමටත් අමාත්‍ය මණ්ඩලයේ දී තීරණය කළේය.
මෙම වැඩපිළිවෙල වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 19 ක් වෙන් කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13)සවස අමාත්‍ය මණ්ඩලය රැස්විය.
රජයේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරුණු වහාම අමාත්‍ය මණ්ඩලයේ දී ගත් තීරණය අනුව පියවර තුනක් ලෙස වී මිලදී ගැනීම, මන්දපෝෂණය දුරු කිරිම සහ ගැබිණි මව්රුන්ගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීම, පාරිතෝෂික නොගෙවූ 18,000ක ට අධික සේවක පිරිසකට එම මුදල් ගෙවීම යන වැඩසටහන් වහාම ක්‍රියාත්මක කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිලපන්කෝ ඇම...!
මොකෝ දන්නේ නැහැ හදිස්සියේම. නින්දෙන් නැගිටලා වගේ. ඡන්දෙ කිට්ටු වෙනකොට ඔහොම දේවල් වෙනවා...
ඔන්න තවත් සීනිබෝල කතාවක්... ආර්ථිකය යහපත් වුණොත් දෙන දේවල්. මිනිස්සු ගොනාට අන්දවපු කාලේ අවසන් වෙලා සෑහෙන කල්...
" ආර්ථික තත්ත්වය යහපත් අතට හැරුණු වහාම..." කාටද මොඩයිනේ මේ කියන්නේ ? රටේ මිනිස්සු දන්නවා වෙලා තියෙනදෙත් ..තව මාස 3 - 4 ' ක් මෙහෙම ගියොත් රට නැත්තටම නැතිවෙලා යනබවත්..ගල් අඟුරු නැව් 2 කට ගෙවන්න සල්ලි නැතිව ඉන්න, රටකාපු හිඟන්නනේ දැන්වත් පලයල්ලා...හැබැයි තවත් පෙරේතකමට හිටියොත්...ගදාෆිටවුනදේ තොපි ඔක්කොටම වෙනවා ...ඒක නියතයි.
ආණ්ඩුවේ සැලසුම් ඔක්කොම මේ වගේ පුහු වැඩ. ප්‍රතිඵල පාදක සැලසුම් මොනවත් නැහැ...
චන්දෙන් පස්සෙ වෙන්න ඇති දෙවෙනි තුන්වනි පියවරවල් එන්නෙ? කාලයක් ඔය ඇම ගිලල තමයි මෙ කෙලවෙලා ඉන්නෙ.
මේ දුරධාන්ත රජය ගත් එක පියවරක්වත් සාර්ථක වූයේද ?මේ පියවර තුනම අඩිය තබන්නත් පෙර අසාර්ථක වෙයි
ජනාධිපති කට ඇරියොත් කියන්නේ මේගෙවන්නේ අමාරුම කාලේ කියලා. ඔන්න දැන් එක පාරට ආර්තිකය යහපත් වෙලා. චන්දයක් ලග නිසා උන දෙයක්ද???
පියවර 3 -සහන ටික ගත්තා ,ගියා ,දුන්නා
"රජයේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරුණු වහාම" නගර සෝබනියනියකගේ පතිව්ර්තාවය හොයනවා වගේ වැඩක් මේ ....
ඒ කියන්නෙ අද හෙටම ආර්තිකය යහපත් වෙනවා ?ෂෝක්නෙ.මම හිතුවා සනිල් ඔහොම කරයි කියල.
විහිළු
ඔවුන්ට මැතිවරණ පවත්වන්නවත් මුදල් නැහැ. .