(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු වන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඔහු දැන් පොලිසියට බලපෑම් කරමින් සිටින අතර බලහත්කාරයෙන් රජයක් හදන බවත් එහිදී ගනුදෙනු බේරා ගන්නා බව පවසමින් සිටින්නේ යැයි පියතිස්ස මහතා කීය.
පාන්දර තුනට විතර ගෙදරට හොරෙක් ආවොත් කතා කරන්නේ කාටදැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ෆොන්සේකාගෙන් විමසා සිටින බව කී පියතිස්ස මහතා කවුරු බයිලා ගැහුවත් පොලිසිය එක දවසක් වර්ජනය කළොත් මුළු රටම හාන්සි බවද සඳහන් කළේය.
පොලිස් නිලධාරියෙක්ගේ වටිනාකම පුරවැසියන් තේරුම් ගත යුතු අතර ඒ නිසා මුළු රටේම පොලිස් නිලධාරීන් ආරක්ෂා කළ යුතුයැයි ද ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුයැයි ද නිමල් පියතිස්ස මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය එක දවසක් වර්ජනය කළොත් එදාට 225න් වැඩි දෙනා ජනතාව අතින් කම්බස් වෙනවා...
ෆොන්සේකා උන්නැහේට මොකද්ද හැදිලා තියෙන ලෙඩේ කියලා මේ බලබලා ඉන්නේ... දේශපාලනයට ආවාම කාගේත් මොල අවුල්වෙනවා වගේ...!
යන එන මං නැතිව අන්තරේ ගෙමිදුලට ඇවිත් බුරනවා බුරනවා ඉවරයක් නෑ. දවසක හැබැයි ගෙයි අයිතිකාරයින් පයින් ගහලා පන්නලා දානවා.
මේ අයට නම් සොබාදහමින් තමයි පඩිසන් ලැබෙන්නේ..!
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමා රට මේ ආණ්ඩු කරන කම්බ හොරු රැලෙන් බේරගන්න ඉන්න එකම කෙනා. අරගලය කරන බුද්ධිමත් දරුවන්ට සහ ජනතාවට ඔබතුමා ලොකු ශක්තියක්. ඔහොම ගියොත් රටම ගොඩ...
මෙයා කවුද? දැකලාවත් නැහැනේ...!
පාන්දර තුනට විතර ගෙදරට හොරෙක් ආවොත්, කොහොමත් පොලිසියට කතාකරලා වැඩක් නැහැ. මොකද, පොලිසිය එනකොට තව දවස් දෙකක් ගිහින්...
පනික්කියාගේ දවුලේ ගැට ගැහිලා ඉන්න තවත් කෙනෙක්... මේ අයට පොලිසිය දැන් හරිම ලොකුයි. මොකද මේ වගේ අයට දැන් පොලිස් සුනඛයෝ නැතිව තනිමග යන්න බෑනේ... මිනිස්සුන්ගෙන් කන්න වෙනවනේ... අනික මේක පසුගිය දවසක කොත්මලේ ප්‍රෙද්ශයේදී හොඳටම ගුටිකෑවනේ...!
ඇත්තම කිව්වොත් පොලිස් නිළධාරීන්ගේ රාජකාරිය අතිශයින්ම දුෂ්කරයි ඉහල පොලිස් නිලධාරින් ගේ මෙන්ම දේශපාලකයින්ගේ අතකොලු වන්නේ පහල ශ්‍රේණිවල නිළධාරීන්ය පහුගිය අරගලඅවස්ථාවලදී ඉතාම අසරන තත්වයට පත්වුයේ ද පොලිස් නිලධාරීන්ය ඔවුහුද මනුස්සයෝය ඔවුනටද දහසක් ප්‍රශ්න ඇත දුෂ්කරතා ඇත ඒ අතරම අපගෙ සමහර මිනිසුන් ඔවුනට අවදාල කරති අන්තරේ සැමවිටම ගැටෙන්නෙ පොලිසියත් සමගය පොලිසිය කරන්නේ ඔවුනට ඉහලින් ලැබෙන අණ ක්‍රියාත්මක කිරෘමයි එය ඔවුන්ගේ රාජකාරියයි එයට සැමදෙනාම සහයෝයය දැක්විය යුතුවක් මෙන්ම පොලිසියද නිවරදිව කටයුතු කරන්නේ නම් එය ඉතාහොදය