(වියලුව වාර්තාකරු)
තම පියා විසින් හිසට සහ දෙපාවලට වේවැලකින් පහරදීමෙන් තුවාල ලැබූ දරුවෙකුට මීගහකිවුල දිසාරෝහලට අද (04) උදෑසන ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අරාව දික්යාය ගුරුපංවල පදිංචි වයස අවුරුදු 13ක පාසල් සිසුවෙකි.
පාසල් නිමවා පැමිණි වහාම සිය ගෙවත්ත ආසන්නයේ පිහිටි කැලෑවක් හෙළි පෙහෙළි කරන ලෙස පියා විසින් අණකර ඇති අතර එය සිදු නොකිරීමෙන් කෝපයට පත් පියා විසින් මෙලෙස දරුවාට පහර දී ඇත.
නිවසේ තිබූ වේවැලක් ගෙන හිසට සහ දෙපාවලට වරින් වර පහර දුන් බවත් එය වැළැක්වීමට යද්දී ඔහු තමාටද පහරදුන් බවත් දරුවාගේ මව විසින් පොලිසියට පැමිණිලි කර ඇත.
මීට පෙර අවස්ථා ගණනාවකදී ද මෙම පියා විසින් පාසල් නිමාව පැමිණි වහාම කැලෑව කපන ලෙස දරුවාට අණකර එය සිදු නොකරන අවස්ථාවන්හිදී පහරදී ඇති බවද මව විසින් පොලිසිය වෙත පැමිණිලි කොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අරාව පොලිස් ස්ථානයේ පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසනෙක්... ඒ පොඩි එකාට දවල්ට කාලා පොඩි විවේකයක් ගන්නවත් නොදී මෙහෙම වැඩගන්නේ කොහොමද?