(එම්.සුසිල් පියන්ත සහ හේමන්ත ද සිල්වා)
ඉදුරුව ඇටවලවත්ත එස්. ඕ. එස්. සුනාමි ගම්මානයේ දී පිය පුතු අතර ඇති වූ ගැටුමක් අතර තුර පියා එල්ල කළ පිහි පහරකින් පුතා මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මරාදමා ඇත්තේ ඉදුරුව ඇටවලවත්ත පදිංචි කසුන් කුමාර නමැති 21හැවිරිදි තරුණයකු බවද පොලීසිය කියයි.
නිවසේදී පියා සහ පුතා අතර ඇතිවූ කතා බහක් දුර දිගයාමෙන් පසු පියා නිවසේ මුලුතැන් ගෙයි තිබූ මන්න පිහිය ගෙන පුතාගේ ගෙලට කොටා ඇති බවද පොලීසිය කියයි.
ගෙලට පිහි පහර වැදී අසාධයව සිටි පුතා බළපිටිය රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය බව ද පොලීසිය කියයි.
මේ හැටපස් හැවිරිදි සැකකාර පියා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණට මොකද වෙලා තියෙන්නේ ? හැමදාම මිනී මරනවා. ලංකාවේ නරකම මිනිස්සු ඉන්නෙ මෙහෙද දන්නෑ.