(එම්.සුසිල් පියන්ත සහ ඩි.ජි.සුගතපාල)

ඌරගස්මංහන්දිය ,කුඩා ඌරගහ ,දැල්කඩ පදේශයේදී  පියා  සිය දියණියගේ ගෙලට එල්ල කරන ලද කැති පහරකින්  දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

මේ අනතුරින් මිය ගොස් ඇත්තේ කරන්දෙණියේ පාසලක නමය වසරේ ඉගෙනුම ලබන  දුල්මි සමායා සත්සරනී නමැති පහළොස් හැවිරිදි දියණියකි.

මේ දියණියගේ මව විදෙස්ගතව ඇති බවත් ඇය ඊයේ(30) රෑ නින්දට යන බව පවසා කාමරයේ ඇඳේ කොට්ටයට සඟවා තබාගෙන සිටි ජංගම දුරකතනයක් ඔබ ඔබා සිටිනු දැක එයට උරණවී මේ පියා විසින් දියණියේ ගෙලට කුරුඳු කපන කැත්තෙන් එල්ල කරන පහරකින් ඇය බරපතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කළ බවත් ඇල්පිටිය රෝහලේදී ඇය මිය ගිය බවත් පොලීසිය කියයි.

දුව ඝාතනය කළ මේ පියා ඊයේ (30)රෑම සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

හතලිස් හැවිරිදි සැකකාර මේ පියා අද(31)දහවල් ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය කියයි.