
(කුෂාන් ජයවර්ධන)
කැකිරාව පොතානේගමදී අද (30) උදෑසන සිදුවූ යතුරුපැදි අනතුරකින් කැකිරාව ප්‍රදේශයේ යුද හමුදා කදවුරකට අනියුක්ත ප්‍රධාන සරඹ උපදේශකයකු එම ස්ථානයේදීම මරුමුවට පත්ව ඇතැයි කැකිරාව පොලිසිය කියයි.
සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට කැකිරාව පොලිස් ස්ථානය මගින් විමර්ශණ ආරම්භ කර තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ යුද හමුදා කදවුරකට අනියුක්තව රාජකාරී සිදුකළ ප්‍රධාන සරඹ උපදේශකවරයෙක් වන ටී.එම්.ඩී. සෙනවිරත්න නමැති අයකු වන අතර, ඔහු කැකිරාව රත්මල්කන්ද ප්‍රදේශයේ ස්ථිර පදිංචි අයෙකු බව පොලිසිය කියයි.
මීට දින කිහිපයකට ඉහතදී රත්මල්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටින මරණකරුගේ පියා මිය ගොස් ඇති අතර ඒ වෙනුවෙන් නිවාඩු ලබා අවමංගල්‍ය කටයුතුවලට එක්ව සිට ඇත.
මිය ගිය පියාගේ අවසන් කටයුතු අද (30) දිනට යෙදී තිබී ඇති අතර එම අතරතුරදී අත්‍යාවශ්‍ය රාජකාරී කටයුත්තක් ඉටු කිරීම සදහා ඔහු අද (30) උදැසන කැකිරාවේ පිහිටි යුද හමුදා කදවුර වෙත රපෝර්තු කිරීමට යතුරු පැදියකින් ගමන්කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව මිය ගොස් තිබේ.
කැකිරාව පොතානේගම ප්‍රෙද්ශයේ අතුරු මාර්ගයකදී අද (30) උදෑසන එම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.