
(කේ බුද්ධික කුමාරසිරි )
තමන්ට රැක බලා ගැනීමට අවශය නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලන බව පවසමින් පිහිටක් පතා 82 හැවිරිදි පියකු පාදුක්ක පොලිසියට පැමිණියේය.
තම දියණියන් හත්දෙනාගෙන් කිසිවකු තමා රැකබලා ගන්නා බව ඔහු පොලිසියට කියා ඇත.
ඒ අනුව අදාල පියාගේ සුරූපී දියණියන් හත් දෙනාවද පොලිසියට කැදවීමට කටයුතු කර තිබූ අතර පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානයක මහතා එම දියණියන්ගේ තොරතුරු සොයා බැලු අවස්ථාවේදී ඔවුන් සුඛෝපබෝගි ජීවිත ගත කරන අය බවට අනාවරණය වූ බවත් පොලිසිය පවසයි
දෙමාපියන්ට සැළකීමේ ගුණය පිළිබදව පියකු ලෙස දැනුවත් කර තම පියාගේ ජීවිත කාලයේ අවසන් සමය මේ වන බැවින් දියණියන් හත් දෙනා මාරුවෙන් මාරුවට හෝ සිය පියාව රැකබලා ගන්නා ලෙස ඉල්ලා සිටියද එම දියණියන් පවසා ඇත්තේ තම පියා රැක බලා ගැනිමට අවශය නම් තමන්ට ලක්ෂ දෙකක මුදලක් පියාගෙන් ලබා දිමට කටයුතු කරන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇත.
පියාගෙන් විමසූ විට පවසා ඇත්තේ තමන් සතුව මේ වන විට කිසිදු මුදලක් නොමැති බවත් මාතර රොටුඹ ප්‍රදේශයේ තිබූ ඉඩමක් විකුණා ලබා ගත් මුදලින් තමන්ට වකුගඩුවක් බද්ධ කිරීමට කටයුතු කළ බවත් ඉතිරි මුදලින් ලක්ෂ හතරක් බාල දියණියට ලබා දීමට කටයුතු කළ බවත් එම මුදල් ලබා ගත් බාල දියණියගේ රැකවරණයේ සිටි බවත් බෑනා විසින් තමාව සහ තම බිරිඳ පාදුක්ක මාවතගම ප්‍රදේශයේ කුළි නිවසකට ගෙනැවිත් පදිංචි කර දමා ගිය බව පවසා ඇත.
පොලිසියේ යෝජනාවට අකමැති වූ බැවැනි මෙම පැමිණිල්ල අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බවත් පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානයක මහතා පැවැසීය.
පොලිසිය කළ ඉල්ලීම මත පිලියන්දල ප්‍රදේශයේ පදිංචි එක් දියණියක් තාවකාලිකව එම 82 හැවිරිදි පියා රැකබලා ගැනීමට කැමැත්ත පල කර රැගෙන යාමට කටයුතු කල බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අනුව 82 හැවිරිදි අදාල පියාගේ "සුරූපි දියණියන්" හත් දෙනාටම පියාව රැකබලා ගැනීමට නොහැකි නම් ඔහුව "සුඛෝපබෝගි" වැඩිහිටි නිවසක නවතා සුඛෝපභෝගි ජීවිත ගත කරන සුරූපී දියණියන් 7 දෙනාට මාසිකව ගෙවීමට කටයුතු සලසා දීම අධිකරණයෙන් කළයුතු වේ.
ඔය වගේ දුවලා බලන්න ආසයි... හරිනම් උල තියන්න ඕනෑ. කපුටන්ගේ නැදැයින් වෙනවා ඇති ඈතින්. මේ විදියට පගාව ඉල්ලන්න. ලැජ්ජා නැත්ද? පාදුක්කේ ගොඩක් කට්ටිය බුද්ධාගමේ... කොහොමද මෙහෙම වෙන්නේ...? කාලි අම්මණ්ඩිලා හත් දෙනෙක්... පුළුවන් ඉක්මනට නඩු කියලා. නිවස ඉල්ලා ගන්න. නඩුවට මම වියදම් කරන්නම්....
තමන්ගේ ළමයින් වෙනුවෙන් මුළු ජීවිතයම කැපකරන දෙමව්පියන්ට ඉගෙන ගැනීමට පාඩමක්...
මේ දියණියන් හත්දෙනාටම දරුවො ඇති කියලා හිතෙනවා. එම දරුවෝ තමන්ගේ අම්මාට, සීයාට, ආත්තම්මාට සලකන ආකාරය දකිනවා. එම දරුවන් යහමගට යන්නේ නැහැ. මෙහෙම අසරණව සිටින පියාත් දරුවෝ මුදලින් ධනවතුන් කිරීමට කටයුතු කර තිබුණත් ගුණධර්ම වලින් ධනවතුන් කරලා නැහැ. ඔහු කරලා තියෙන්නේ දරුවන් මුදල් පසුපස යැවීම පමණයි කියලා හිතෙනවා. කවදා හෝ දැන් සුරූපීව සිටින සුඛෝපභෝගි ජීවිතයක් ගතකළත් ඔවුනුත් පියා වගේම වයස්ගතව අසරණ වෙනවා. එවිට ඔවුන්ටත් දැන් අම්මාට තාත්තාට මාමාට වගේම අසරණව ඉන්න මේ දූලා හතටත් බෑනලා හතටත් අනිවාර්යයෙන් සිද්ධ වීම වළක්වන්න සක්කරයාටවත් බැහැ... නාකිත් තරිකිට තෙයි... කාටත් ඔයටික වෙයි (රජයේ වැඩිහිටි නිවාස තියෙනවා මම දන්නවා රජයේම වැඩිහිටි නිවාසයක් කතරගම තියෙනවා කියලා.. මොවුන්ට එහි රැකවරණය දෙන්න බැරිද බලන්න...)
ඒකට මගේ එක්කෙනා. එයාගේ අම්මාව මම හදපු ගෙදරම තියාගෙන මගේ අම්මාව එලවන්න හදනවා. යාන්තමට ගෙදර ළඟම අලුතින් තව ගෙයක් අරගෙන අම්මාව තියාගන්න පුළුවන් වුණා. නැතිනම් මගේ අම්මටත් වෙන්නේ ඔය නස්පැත්තිය. ගෑණු තමයි ගෑණු...
මේ හත්දෙනා හැදුවට වඩා හොඳයි, පාරෙ ඉන්න අහිංසක බලුකුක්කන් ටිකක් ගෙනැල්ලා හදාගත්තා නම්.. ඔවුන් ජීවිතේට මෙහෙම සාධාරණ වැඩ කරන්නේ නැහැ. අඩුම තරමේ වලිගෙ වනමින් ළඟට වෙලා ඉඳීවි.
දරුවන් ලොකුමහත් කරනවිට ගුණධර්ම වියැකෙන්නට නොදී ධර්මාණුකූලව හදාවඩා ගැනීම කවුරුත් කළ යුතුව ඇත. අධ්‍යාපනය පමණක්ම දුන් කළ උගතෙක් බිහිවිය හැක. උගත් මනුස්සයෙක් බිහිනොවේ. තම මවට පියාට ආදරය නොකරන දරුවා කිසිම විටෙක සමාජයට ආදරය නොකරයි. එය ව්‍යවසනයකි.
පුදුම දරුවෝ ටිකක්. කිසිදාක වයසට නොයන, සදාකල් ජීවත් වෙන්න ආපු අය කියලා වෙන්නැති හිතාගෙන ඉන්නේ? මෝඩකමයි, උද්දච්චකමයි මිස වෙන මොනවාද?