IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පියා මරා පුතාට බරපතල තුවාල කළ දෙකක් සැකපිට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී පිය පුතු දෙදෙනකු තියුණු ආයුධවලින් කපා කොටා පියා ඝාතනය කර පුතුට බරපතළ තුවාල සිදු කළ බව කියන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් ඝාතනයට යොදාගත් තියුණු ආයුධ දෙක හා හෙරොයින් මත්කුඩු ගෑම් 8 මිලිගෑම් 130 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සංවිධානාත්මක අපරාධ කරුවකු වන ඉරුපාන් නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු බවත් ප්‍රහාරයට ලක් වූ පියා සහ පුතු සංවිධානාත්මක අපරාධකරුවකු වන ධනුක නැමැත්තාගේ සමීපතමයන් බවත් පොලිසිය කියයි.

ඉකුත් 7 වෙනි දින මෙම ඝාතනය සිදුවී තිබූ අතර අනතුරුව ප්‍රදේශය හැර ගොස් සිටි සැකකරුවන් දෙදෙනා සේදවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පාළු නිවසක් තුළ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 32 හා 33 කොළඹ 12 පදිංචිකරුවන් ය.



අදහස් (0)

පියා මරා පුතාට බරපතල තුවාල කළ දෙකක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site