
(ප්‍රියන්ත දසනායක)
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පියට සහ පුතාට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පියා මියගොස් පුතා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
වැලිගම - අකුරැස්ස මාර්ගයේ පිටදෙණියේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වි ඇත.
ඔවුන් ගමන් ගත් යතුරුපැදිය පිටුපසින් හඹා ආ නාදුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරය එල්ල කොට පළා ගොස් ඇත.
වෙඩි වැදීමෙන් පියා එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
එසේ මියගොස් ඇත්තේ කමල් චමින්ද නැමැත්තෙකි ඔහුගේ දේහය මාතර මහ රෝහලේ තැන්පත් කර ඇත.
මියගිය පියා සමග පැමිණි පුතු යතුරුපැදියෙන් පැන දිව යද්දී ඔහුට ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් මාතර මහ රෝහල ඇතුළත් කර ඇත. වැලිගම පොලීසිය පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම් කිසි අතීත සිද්ධියක් මුල්කරගෙන සිදු වූ පලිගැනීමක්වත්ද ?
දකුණට මොකද වෙලා තියෙන්නේ ? හැමදාම මිනී මරනවා. ලංකාවේ නරකම මිනිස්සු ඉන්නෙ මෙහෙද දන්නෑ.
පිටදෙනිය කියල ගමක් නෑ. දෙනිපිටිය කියල ගමක් තිබෙනව. දෙනිපිටියෙ ණුගරුක-ගජමන් නොනා.