
(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (6) සිට 8 වැනිදා දක්වා ඉදිරි දින තුනකට දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය.
ඒ අනුව 6 වැනිදා සිට 8 වැනිදා දක්වා පැය 3 ක් විදුලිය කප්පාදු කරන බවත් ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් රත්නායක මහතා කීය.
කොළඹ නගර ද අයත් ‘සීසී’ කාණ්ඩයට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, එම්,එන්,ඕ,එක්ස්,වයි සහ ඉසෙඩ් යන කළාපවලට අළුයම 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 3 ක් ද, විදුලි කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩ දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකවම කියනවා නම්, මෙයා සහ මෙම ආයතනය මහජන මුදලින් පවත්වා ගැන යන තරම් වටිනවාද? මෙම ආයතනයේ නම වෙනස්විය යුතුයි. මහජන උපයෝගිතා කොමිසමේ වෙනුවට, මහජන පීඩාකරන කොමිසමේ කියලා නම් කළානම් හොඳයි...
තමන්ට පැවරී ඇති කාර්යය ඉතාම හොඳින් ඉටුකරන තවත් රාජ්‍ය නිලධාරියෙක්... එයාගේ වැඩේ දිනෙන් දින විදුලිය කප්පාදු කරන කාලය ක්‍රමානුකූලව වැඩිකිරීම...