කොරෝනා වයිරසය ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ගත වූ පැය 24 ක කාලයේ දී වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව සැප්තැම්බර් 13 වැනිදා දිනය තුළ දී එනම්, එම පැය 24 ක කාලයේදී ලොව නන්දෙසින් වයිරස ආසාදිතයන් 307,930ක් හඳුනාගත් බව එම සංවිධානය කියයි.
එම පැය 24 ක කාලයේදී වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. දෙවැනියට හා තෙවැනියට පිළිවෙළින් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ බ්‍රසීලයෙනි.
අවසන් පැය 24 දී ලොව විවිධ රටවලින් වාර්තා වී ඇති ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත මරණ ගණනේ එකතුව 5,537කි. ඒ අනුව මේ වනවිට ලොව නන්දෙසින් වාර්තා වන වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 917,417ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
එම පැය 24 ක කාලයේදී ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 94,372 දෙනකු, ඇමෙරිකාවෙන් වයිරස ආසාදිතයන් 45,523 දෙනකු සහ බ්‍රසීලයෙන් වයිරස ආසාදිතයන් 43,718 දෙනකු හඳුනාගෙන ඇත.
එම කාලයේදී ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් වයිරස ආසාදිත මරණ 1,000 ඉක්මවා වාර්තා වී ඇති අතර බ්‍රසීලයේ සිදුව ඇති වයිරස ආසාදිත මරණ ගණන 874කි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මීට පෙර වයිරස ආසාදිතයන් වැඩිම ගණනක් වාර්තා වූයේ සැප්තැම්බර් 6 වැනිදා ය. එදින වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 306,857කි. දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වූයේ අප්‍රේල් 17 වැනිදා ය. එදින ලොව නන්දෙසින් නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 12,430කි.
මේ වනවිට දෛනිකව වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඉන්දියාවයි. ඉන්දියාවෙන් පසුගිය සතියේ දිනෙක වයිරස ආසාදිතයන් 97,570 දෙනකු හඳුනාගෙන තිබිණි.
රොයිටර්
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පැය 24ක් තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් 300,000ක්