
ගෙවී ගිය පැය 24 තුළ ඉන්දියාවට අලුතෙන් එක්වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 76,472 ක් වී තිබේ. ඒ සමගම මේ වන විට ඉන්දියාවේ සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 35 කට ආසන්න වී තිබේ. මේ වන විට කොරෝනා රෝගීන් 34,63,973 ක් සිටින ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හෙට උදෑසන වන විට ලක්ෂ 35 ක් ඉක්මවනු ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති. මෙම සංඛ්‍යාව දිනයක් ඇතුළතදී ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වේ. මේ හේතුවෙන් අන්තර්ජාතික ගුවන් ගමන්ද සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.
කෙරෝනා වයිරසය ශරීරගත වීම හේතුවෙන් ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 62,550 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොරෝනා වයිරස් රෝගීන් සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යත්ම, සමහර ප්‍රාන්තවල ව්‍යායාම මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට පෙළඹී තිබේ. දිගින් දිගටම පවතින කොරෝන අවදානම හේතුවෙන් මේ වසරේදී පැවැත්වීමට නියමිත ප්‍රධාන පෙළේ විභාග දෙකක් පැවැත්වීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරු විරෝධය පළ කරති.
කෙරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ මරණ අනුපාතය 1.82 % දක්වා පහත වැටී ඇති අතර එය “ලෝකයේ අඩුම අගය” යැයි ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd