IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පැය 18කට පසු කන්දකාඩුව ආරක්ෂක අංශ යටතට

(නිමල් ජයරත්න සහ ඩයනා උදයංගනී)

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (6) රාත්‍රියේ ඇතිවූ ගැටුම්කාරී තත්වයෙන් පසු එදින රාත්‍රී 10.00 පමණ සිට අද  පස්වරු 4.00 පමණ වන තුරු පැය 18 කට වැඩි කාලයක් එම මධ්‍යස්ථානයේ පාලනය රැඳවියන් විසින් සියතට ගෙන තිබූ බව වාර්තා වේ.

කලහකාරී ලෙස හැසිරුණු මෙම රැඳවියන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අවි ගබඩාව ද කඩා තිබූ අතර, යුද හමුදාව සිද්ධියට මැදිහත්වීම හේතුවෙන් අවි පැහැරගැනීම වැළකී ගොස් ඇත.

මෙම කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලීසිය, එම ස්ථානයට කැඳවා තිබූ නමුත් ඔවුන්ට කඳවුර තුළට යෑමට රැඳවියන් ඉඩනොදීම නිසා තත්ත්වය පාලනය කිරීම අසීරු වූ බව පොලොන්නරුව පොලිසියේ උසස් නිලධාරියකු සඳහන් කළේය.

තත්වය ඊයේ සවස 4.00 පමණ වන විටත් පාලනය කිරීමට නොහැකිවීම නිසා පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දිකද සිල්වා මහතාගේ උපදෙස් මත මනම්පිටිය, වැලිකන්ද, පුලස්තිපුර, අරලගංවිල, හිඟුරක්ගොඩ, ලංකාපුර ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන්ද එහි කැඳවා තිබූ අතර යුද හමුදාව මෙන්ම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද විශාල පිරිසක් තත්ත්වය පාලනය කිරීමට පැමිණ සිටියහ.

පසුව එම ආරක්‍ෂක අංශ සාමාජිකයෝ දැඩි පරිශ්‍රමයක් දරා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළු වී එහි පාලනය රැඳවියන්ගෙන් මුදාගැනීමට කටයුතු කළහ.



අදහස් (0)

පැය 18කට පසු කන්දකාඩුව ආරක්ෂක අංශ යටතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site